යෙසායා 45:12 - Sinhala New Revised Version පොළොව නිර්මාණය කෙළේ මම ය; ඒ පිට මිනිසුන් මැව්වේ මම ය; අහස විදහා පෑවේ මම ය; ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය, Sinhala New Revised Version 2018 පොළොව නිර්මාණය කෙළේ මම ය; ඒ පිට මිනිසුන් මැව්වේ මම ය; අහස විදහා පෑවේ මම ය; ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය, Sinhala Revised Old Version පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි. |
එය මෙසේ ය: “පර්සියාවේ රජු වන සයිරස් තෙමේ මෙසේ කියයි: ‘ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළෝ තලයෙහි සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද, උන් වහන්සේ ජුදාහි ඇති ජෙරුසලම් නගරයෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණ කර තිබේ.
එස්රා මෙසේ යාච්ඤා කෙළේ ය: “ඔබ ම, ඔබ පමණක් ම සමිඳාණන් වහන්සේ ය. ඔබ ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද එහි සියලු ග්‍රහතාරකා ද පොළොව සහ එය මතුපිට ඇති සියල්ල ද සත් සමුදුර සහ එහි ඇති සියල්ල ද මැවූ සේක. ඔබ ම ඒ සියල්ල ආරක්ෂා කරන සේක. ග්‍රහතාරකාවෝ ද ඔබට නමස්කාර කරති.
“කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනාරූඪ ව සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳුනි, ඔබ පමණක් ලොවේ සියලු රාජ්‍යයන් පාලනය කරන දෙවියන් වහන්සේ ය. අහසත් පොළොවත් මැව්වේ ඔබ වහන්සේ ය.
මුහුදේ ජලය අල්ලට ගන්නත්, අහසේ දිග වියතකින් මනින්නත් කිසිවෙකුට හැකි ද? පොළොවේ පස් හුණ්ඩුවක දමන්නත්, කඳු හෙල්වල බර තරාදියකින් කිරන්නත් කිසිවෙකුට හැකි ද?
ලෝකය මැවුයේ, පොළොවෙන් ඉහළ අහසින් එපිට සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ය. එතුමන්ට ලෝ වැසියන් පෙනෙන්නේ කුරා කුහුඹුවන් සේ ය. මිහිමත වාසය කරන පිණිස එතුමාණෝ අහස ඇතිරිල්ලක් මෙන් විහිදුවා, කූඩාරමක් මෙන් දිගහැර දුන් සේක.
අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.
සමිඳුන්, සදාතන දෙවිඳුන් බවත්, සකල ලෝකය මැවූ බවත්, එතුමන්ට වෙහෙස මහන්සි නොදැනෙන බවත්, එතුමන්ගේ ප්‍රඥාව අචින්ත්‍ය බවත් ඔබ දන්නේ නැද් ද? අසා නැද් ද?
අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:
නුඹේ මැවුම්කාරයාත්, ගැළවුම්කාරයාත් වන සමිඳාණෝ මම ය. සියල්ලේ මැවුම්කාරයාණන් වන සමිඳාණෝ මම ය. අහස විදහා මැව්වේත්, මම ය. මා පොළොව මැවූ විට කිසිවෙකුගේ උදව්වක් මට වුවමනා නො වී ය.
සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක: “මම සමිඳුන් වෙමි; හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.
පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.
අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.
ඒ කෙසේ ද යත්: “මම මාගේ ඉමහත් බලයෙන් ද පරාක්‍රමවත් බාහුවෙන් ද පොළොව සහ පොළොව මතුපිට සිටින මිනිසුන් ද තිරිසනුන් ද මැවීමි. මා කැමැති කෙනෙකුට මට ඒවා දිය හැකි ය.
“මහෝත්තම දෙවි ස්වාමීනි! ඔබේ මහත් බලයෙන් ද පරාක්‍රමයෙන් ද ඔබ අහසත් පොළොවත් මැවූ සේක. ඔබට බැරි කිසි දෙයක් නැත්තේ ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගැන කරන දිව්‍ය ප්‍රකාශනය මෙය වේ. අහස මැවූ, පොළොවේ අත්තිවාරම දැමූ, මනුෂ්‍යයා තුළ ආත්මානුභාවය පිහිටෙවූ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
“තවද, දෙවියන් වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා සිට මේ දක්වා ගෙවීගිය දීර්ඝ කාලය තුළ වේවා, අහසේ එක් කොණක සිට අනික් කොණ දක්වා වේවා, මෙයාකාර මහා දෙයක් සිදු වූ බවක් හෝ එවැන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේ ද?
දෙවියන් වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුම් ගන්නේ ඇදහිල්ලෙන් ය. මෙසේ දෘශ්‍යමාන දෙය, අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි.