මෙහි පැමිණ සිදුවන්න යන දේ ගැන අපට කියන්න. ඒවා සිදු වූ විට අපට දැනගන්න පුළුවන. සිතා බලන පිණිස පසු ගිය දේවල තේරුම අපට කියා දෙන්න.
යෙසායා 41:26 - Sinhala New Revised Version අප දැනගන්නා පිණිසත්, ‘නුඹ හරි ය’යි කියන්න පුළුවන් වන පිණිසත්, නුඹලා අතරෙන්, ‘මෙසේ සිදු වේ ය’ කියා කල් මත්තෙන් කීවේ කවරෙක් ද? නුඹලාගෙන් කිසිවෙක් ඒ ගැන වචනයක් වත් නොකීවේ ය. නුඹලා කී දෙයක් ඇසූ කෙනෙක් වත් නැත. Sinhala New Revised Version 2018 අප දැනගන්නා පිණිසත්, ‘නුඹ හරි ය’යි කියන්න පුළුවන් වන පිණිසත්, නුඹලා අතරෙන්, ‘මෙසේ සිදු වේ ය’ කියා කල් මත්තෙන් කීවේ කවරෙක් ද? නුඹලාගෙන් කිසිවෙක් ඒ ගැන වචනයක් වත් නොකීවේ ය. නුඹලා කී දෙයක් ඇසූ කෙනෙක් වත් නැත. Sinhala Revised Old Version අප විසින් දැනගන්න පිණිස පටන්ගැන්මේ සිටත්: ඔහු ධර්මිෂ්ඨයයි අප විසින් කියන පිණිස පුරාණයේදීත් දැන්නුවේ කවුද? එසේය, දන්වන කිසිවෙක් නැත. එසේය, ප්‍රකාශකරන කිසිවෙක් නැත, එසේය, නුඹලාගේ වචන අසන කිසිවෙකුත් නැත. |
මෙහි පැමිණ සිදුවන්න යන දේ ගැන අපට කියන්න. ඒවා සිදු වූ විට අපට දැනගන්න පුළුවන. සිතා බලන පිණිස පසු ගිය දේවල තේරුම අපට කියා දෙන්න.
මුල සිට ම ඉතිහාසය යන මාර්ගය නියම කොට මේ සියල්ල සිදු වන්න සැලසුවේ කවරෙක් ද? සමිඳාණන් වන මම ය. ආරම්භයත්, අවසානයත් වන සමිඳාණෝ මම ය.
සියලු සෙනඟ එක් රැස් කරන්න. ඔවුන් අතර අනාගතය ගැන කියන්න හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගෙන් කවරෙක් දැන් සිදු වන දේ ගැන කලින් කීවෝ ද? මේ අය තමන් නිවැරදි බවත්, ඔවුන් කියන දේ සත්‍ය බවත් ඔප්පු කරන පිණිස සාක්ෂිකාරයන් ඉදිරිපත් කරත් වා!
මා හා සමාන කෙනෙක් ඇත්නම්, මා හමුවේ එය කියත් වා! පටන්ගැන්මේ සිට අග දක්වා සිදු වන දේ පැහැදිලි ලෙස කියන්න හැකි කිසිවෙක් සිටිත් ද?
ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,
පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.