ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 41:16 - Sinhala New Revised Version

නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෙහිය.

පරිච්ඡේදය බලන්න



යෙසායා 41:16
31 හුවමාරු යොමු  

පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.


සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”


වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.


එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. “බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු.”


සව් බලැති සමිඳුන් ඉතිරි ව සිටින තමන්ගේ සෙනඟට තේජාලංකාර මල් කිරුළක් ද දීප්තිමත් කිරීටයක් ද මෙන් වන කාලයක් පැමිණෙන්නේ ය.


දුප්පත් සහ යටහත් පහත් අය ඉශ්රායෙල්හි ස්වාමීන් වන ශුද්ධ තැනැන් වහන්සේ දෙන ප්‍රීතිය නැවත ලබන්නෝ ය.


එහෙත්, එම්බා ජෙරුසලම! ඔබට පහර දෙන විදේශීන් සියලු දෙන දූවිල්ල මෙන් ගසාගෙන යනු ඇත; ඔවුන්ගේ භයානක හමුදා පිදුරු මෙන් පහ වී යනු ඇත.


ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.


ඔව්හු වනාහි සිටුවා වැඩි කල් නොගිය, පොළොවේ මුල් ඇද නොගත් ළා පැළෑටි හා සමාන ය. සමිඳාණන් සුළඟක් එවූ විට පිදුරු මෙන් ඒවා වියළී යනු ඇත; ඉපනැලි මෙන් ගසාගෙන යනු ඇත.


සමිඳාණෝ සියොන්ටත්, එහි නටබුන්වලටත් අනුකම්පා කරන සේක. ඇගේ වනාන්තරය, ඒදන් උයන මෙන් ද ඇගේ කාන්තාරය සමිඳුන්ගේ උයන මෙන් ද කරන සේක. ප්‍රීතිය ද සන්තෝෂය ද ස්තුති දීම ද ගීතිකා හඬ ද එහි වන්නේ ය.


මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය; රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය; සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක. ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක.


මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය; එහි වැසියෝ සොම්නසින් වෙසෙති.


මම කුල්ලකින් පොළන්නාක් මෙන් දේශයේ හැම නගරයක දී ඔවුන් පොළාදැමුවෙමි. ඔවුන් කෙරේ වියෝ දුක පැමිණෙව්වෙමි. මාගේ සෙනඟ වන නුඹලා නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරී නොපැමිණි බැවින් මම නුඹලා අත්හැර විනාශ කෙළෙමි.


මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි. විපත් දවසේ දී ඔව්හු හැම පෙදෙස් ආක්‍රමණය කර, එහි වැසියන් පොළාදමා දේශය හිස් කරති.


“සමිඳාණෝ මෙසේ වදාරන සේක: ‘එම්බා බබිලෝනිය! නුඹ මාගේ කුළුගෙඩිය හා යුද්ධ ආයුධය වන්නෙහි ය. මම නුඹ උපයෝගී කරගෙන ජාතීන් බිඳ හෙළන්නෙමි; රාජ්‍යයන් විනාශ කරන්නෙමි.


බබිලෝනිය ගොයම් පාගන කාලයෙහි දී දකින්නට ලැබෙන කමතක් වැනි ය. තව ස්වල්ප කාලයකින් ගොයම් කපන කාලය පැමිණෙනු ඇත. ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක.


එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රත්රන් ද එකට පොඩි වී ගිම්හාන කාලයේ කමතේ බොල් මෙන් සුළඟට ගසාගෙන ගියේ ය. ඒවායේ ශේෂමාත්‍රයක් වත් ඉතුරු නො වී ය. රූපයට වැදුණු ගල විශාල පර්වතයක් විය. එයින් පොළොව පිරී ගියේ ය.


දැඩි කෝපයට මම ඉඩ නොදෙමි. මම නැවත එප්‍රායිම් විනාශ නොකරමි. මන්ද, මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි. ඔබ සමඟ සිටින ශුද්ධ තැනැන් වහන්සේ මම ය, විනාශ කරන්නට මට ආශාවක් නැත. කෝපයෙන් මම ඔබ වෙත නොඑමි.


සියොන් වැසියෙනි, ප්‍රීති වන්න. ඔබේ දෙවි සමිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්න. එතුමාණෝ, ඔබට ශරත් කාලයේ නිසි තරමට වැසි ද ශීත කාලයේ මහා වැසි ද වසන්ත කාලයේ පෙර මෙන් වැසි ද වස්වන සේක.


ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය.


සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැළවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි.


උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.


එපමණකුත් නොව, දෙවියන් වහන්සේ හා සමඟ නැවත අපට සමඟිය අත් කර දුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපි දෙවියන් වහන්සේ කෙරේ අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු.


නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ.