එහෙත්, ‘නුඹ කෙරෙහි මම ප්‍රසන්න නොවෙමි’යි උන් වහන්සේ වදාරන සේක් නම්, මම මෙහි ය; උන් වහන්සේ කැමැති ලෙස මට කරන සේක් වා”යි කී ය.
යෙසායා 39:8 - Sinhala New Revised Version මේ කී දේ හෙසකියා තේරුම්ගත්තේ, තමාගේ ම ජීවිත කාලයේ දී සාමයත්, සුරක්ෂිතතාවත් ඇති වේ ය කියා ය. ඒ නිසා, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය යහපත් ය”යි ඔහු යෙසායාට කීවේ ය. Sinhala New Revised Version 2018 මේ කී දේ හෙසකියා තේරුම්ගත්තේ, තමාගේ ම ජීවිත කාලයේ දී සාමයත්, සුරක්ෂිතතාවත් ඇති වේ ය කියා ය. ඒ නිසා, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය යහපත් ය”යි ඔහු යෙසායාට කීවේ ය. Sinhala Revised Old Version එවිට හෙසකියා: නුඹ කී ස්වාමීන්වහන්සේගේ වචනය යහපතැයි යෙසායාට කීවේය. මක්නිසාද සමාදානයත් සැබෑකමත් මාගේ දවස්වලදී වන්නේයයි ඔහු වැඩිදුරටත් කීවේය. |
එහෙත්, ‘නුඹ කෙරෙහි මම ප්‍රසන්න නොවෙමි’යි උන් වහන්සේ වදාරන සේක් නම්, මම මෙහි ය; උන් වහන්සේ කැමැති ලෙස මට කරන සේක් වා”යි කී ය.
එහෙත්, තම සිතේ උඩඟුකම ගැන හෙසකියා ද ජෙරුසලමේ වැසියන් ද යටත් වූ නිසා, හෙසකියාගේ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ උදහස නිසා උන් වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර පසු ව දඬුවම් කළ සේක.
මම ඔබේ පියවරුන්ගේ සොහොන් බිමට ඔබ පමුණුවන්නෙමි. මා විසින් මේ දේශයටත් මෙහි වැසියන්ටත් පමුණුවනු ලබන සියලු විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය.’ “ ඔව්හු ද හැරී ඇවිත් රජුට එපවත් සැළ කළෝ ය.
“මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි; කිසිත් නැති ව පෙරළා යන්නෙමි. සමිඳාණෝ දුන් සේක; සමිඳාණෝ ගත් සේක; සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”
එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.
නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”
එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න.
එවිට සාමුවෙල් කිසිවක් නොසඟවා සියල්ල ම ඔහුට කීවේ ය. ඒ ඇසූ ඒලී, “උන් වහන්සේ සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේට යහපත් යැයි සිතෙන දේ කරන සේක් වා”යි පැවසී ය.