ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ.
යෙසායා 39:7 - Sinhala New Revised Version ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.” Sinhala New Revised Version 2018 ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.” Sinhala Revised Old Version නුඹ තුළින් නික්මෙන, නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් ගෙනයනු ලබන්නෝය; ඔව්හු බබිලෝනියේ රජුගේ මාළිගාවෙහි නපුංසකයෝ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. |
ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ.
එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.
ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය.
ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.
ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.
ඔහු කඩුපහරින් නොමළ අය බබිලෝනියට ගෙන ගියේ ය. පාර්සිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ඔව්හු දාසයන් ව සිටියෝ ය.