යෙසායා 29:14 - Sinhala New Revised Version එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි; ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය; ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.” Sinhala New Revised Version 2018 එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි; ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය; ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.” Sinhala Revised Old Version මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේයයි කීසේක. |
එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”
මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
සමිඳාණෝ තමන් කරන්න අදහස් කළ පුදුම ක්‍රියා මෙන් පෙනෙන දේ ඉෂ්ට කරන පිණිස, පෙරාශිම් කන්දේ දී හා ගිබියොන් මිටියාවතේ දී සටන් කළාක් මෙන් සටන් කරන සේක. එය අබිරහස් ක්‍රියාවකි.
ශාස්ත්‍රකාරයන් මෝඩයන් කරවන්නේත්, පේන කියන්නන් උමතු කරවන්නේත් මම ය. පණ්ඩිතයන්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේත්, ඔවුන්ගේ දැනුම මෝඩකම බව පෙන්වා දෙන්නේත් මම ය.
සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව.
ඔවුන්ගේත්, ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේත් අයුතුකම්වලට මම ප්‍රතිවිපාක දෙන්නෙමි. ඔවුන් කඳු උඩ සුවඳ දුම් පූජා ඔප්පු කර, මට අපහාස කර ඇත. ඒ නිසා මම නිසි ලෙස මැන ඔවුන්ට දඬුවම් දෙන්නෙමි.”
මේ ස්ථානයේ දී මම ජුදාහි හා ජෙරුසලමේ වැසියන්ගේ යෝජනා කඩාකප්පල් කර දමා, ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි කඩුවෙන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන්ගේ අත්වලින් ද ඔවුන් විනාශ වන්නට සලස්වා, ඔවුන්ගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.
ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම ඒදොමෙන් පැණවතුන් ද ඒසව්ගේ කඳුකරයෙන් ඥානය ද නැති නොකරම් ද?
“නුඹ අවට ඇති ජාතීන් දෙස බලන්න. නුඹ දකින දෙයින් නුඹ පුදුමයට හා විස්මයට පත් වනු ඇත. මන්ද, නුඹලාගේ කාලයේ දී මා කරන්න යන්නේ, නුඹට කීවත් විශ්වාස කරන්න බැරි දෙයකි.
මෙය මම ඔබට කියමි, ඔබ දකින දේ දකින්ටත්, ඔබ අසන දේ අසන්ටත් බොහෝ දිවැසිවරු ද රජවරු ද අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන් එය දුටුවේ වත් නැත, ඇසුවේ වත් නැතැ”යි වදාළ සේක.
තවද ඔවුන් සිය බුද්ධියෙහි දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසු යයි සිතූ බැවින්, නුසුදුසු දේ කරන පිණිස තමන්ගේ ම දූෂිත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක.
මන්ද, මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෝඩකමකි. උන් වහන්සේ: “ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ ම උපායවලින් අසු කරගන්නා සේකැ”යි ලියා ඇත.