සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්, ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි.
යෙසායා 24:13 - Sinhala New Revised Version මුළු ලොවේ සෑම ජාතීන් අතර මෙසේ සිදු වන්නේ ය. එය හරියට ඔලීව ගස්වල ද මිදි වැල්වල ද පල කඩා නිමකළ පසු අවසාන වූ කාලය වැනි ය. Sinhala New Revised Version 2018 මුළු ලොවේ සෑම ජාතීන් අතර මෙසේ සිදු වන්නේ ය. එය හරියට ඔලීව ගස්වල ද මිදි වැල්වල ද පල කඩා නිමකළ පසු අවසාන වූ කාලය වැනි ය. Sinhala Revised Old Version මක්නිසාද ඔලීව ගසක් සොලවන්නාක් මෙන්ද මිදිපල කඩා නිමවූ කල ඉතිරි මිදිපල නෙළාගන්නාක්මෙන්ද පොළොව මැද ජනයන් අතරේ සිදුවන්නේය. |
සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්, ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි.
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ම රටේ එක කොණක සිට අනික් කොණ දක්වා, යුප්‍රටීස් සිට නයිල් ගඟ දක්වා උන් වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ රැස් කොට විනිශ්චයය කරන සේක. උන් වහන්සේ හොඳ ධාන්‍ය බොල්වලින් වෙන් කරන්නාක් මෙන් සුදනන් දුදනන්ගෙන් වෙන් කරන සේක.
දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.
එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත.
එහෙත්, ඔවුන්, අතරෙන් ඉතිරි අය බියපත් ව මිටියාවත්වල පරෙවියන් මෙන් කඳුවලට පලා යනු ඇත. ඔවුන් තමන්ගේ පව් ගැන වැලපෙනු ඇත.
“නුඹලාගේ කෙත්වලින් අස්වැන්න නෙළන විට, කෙත්වල මායිමේ තිබෙන අස්වැන්න සම්පූර්ණයෙන් ම කපා නොගත යුතු ය. අස්වැන්න වරක් නෙළාගත් පසු ඉතිරි වූ කරල් එකතු කර නොගන්න.
“එම්බා ජාකොබ්ගේ ජනයෙනි! නුඹලා සියලු දෙනා මම එක්රැස් කරන්නෙමි. ඉශ්රායෙල්හි ඉතිරි අය ද මම එක්රැස් කරන්නෙමි. කොටුවක සිටින බැටළුවන් මෙන් ද තණ බිම මැද සතුන් රැළක් මෙන් ද මම නුඹලා එක්රැස් කරන්නෙමි. ඔව්හු කිසිවෙකුට භය නොවන්නෝ ය.
අනේ මා වැනි කාලකණ්ණියෙක්. ගිම්හානයේ පල රැස් කරන්නා ද මිදි පල නෙළන්නා ද වැනි ය. මන්ද, කන්න එක ම මිදි පොකුරක් වත් මා ආසා කරන අත්තික්කාවල නාඹුල් පල වත් නැත.
ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් වත් නොගැළවෙන්නෝ ය. එහෙත්, තෝරාගත්තවුන් උදෙසා ඒ කාලය කෙටි කරනු ලබන්නේ ය.
එහෙත් තමන්ගේ වස්ත්‍ර අපවිත්‍ර කර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබ අතර සිටිති. ඔව්හු සුදුස්සන් බැවින් ධවල වස්ත්‍ර ඇඳ මා සමඟ ඇවිදින්නෝ ය.