යෙසායා 20:6 - Sinhala New Revised Version ඒ කාලය පැමිණි විට පිලිස්තියේ මුහුදුබඩ වැසියෝ කතා කොට, අසිරියාවේ රජුගෙන් අප ආරක්ෂා කරනු ඇතැ යි මහත් අපේක්ෂාවෙන් විශ්වාස කළ සෙනඟට සිදුවී තිබෙන දේ බලන්න. අපේ අපේක්ෂාවට මෙසේ සිදු වූයේ නම්, අප ගැළවෙන්නේ කෙසේ දැ යි කියනු ඇත.” Sinhala New Revised Version 2018 ඒ කාලය පැමිණි විට පිලිස්තියේ මුහුදුබඩ වැසියෝ කතා කොට, අසිරියාවේ රජුගෙන් අප ආරක්ෂා කරනු ඇතැ යි මහත් අපේක්ෂාවෙන් විශ්වාස කළ සෙනඟට සිදුවී තිබෙන දේ බලන්න. අපේ අපේක්ෂාවට මෙසේ සිදු වූයේ නම්, අප ගැළවෙන්නේ කෙසේ දැ යි කියනු ඇත.” Sinhala Revised Old Version මේ මුහුදුබඩ වැසියෝ ඒ දවසෙහි කථාකොට: බලව, අෂූර්හි රජුගෙන් ගැළවෙන පිණිස පිහිට ලබන්ට අප පලාආවාවූ ස්ථානය වන අපේ බලාපොරොත්තුවට මෙසේ වූයේ නම් අපි කෙසේ ගැළවෙන්නෙමුදැයි කියනවා ඇතැයි කීසේක. |
දෙවිඳුන් නුඹලාට දඬුවම් කරන විට නුඹලා කුමක් කරන්නහු ද? දුර බැහැර රටකින් නුඹලා පිට විනාශය පැමුණුණ විට නුඹලා කුමක් කරන්නහු ද? උපකාර ලබාගන්න පිණිස කා වෙත යන්නහු ද? නුඹලාගේ වස්තුව කොතැන සඟවන්නහු ද?
අත්තිවාරම මනින ලණුව යුක්තිය නම් වේ. ලඹ ලණුව අවංකකම නම් වේ. නුඹලා විශ්වාසය තබා ඇති බොරු සියල්ල ගල් වර්ෂාවට ගසාගෙන යන්නේ ය; නුඹලාගේ ආරක්ෂාව ජල ගැල්මෙන් විනාශ වන්නේ ය.”
අහෝ! භයානක දවසක් පැමිණෙන්නේ ය; ඊට සම කළ හැකි අන් දවසක් නොවන්නේ ය. එය ජාකොබ්ගේ පරපුරට විපත් දවසක් වන්නේ ය. එහෙත්, ඔවුන් එයින් ද ගළවනු ලබනු ඇත.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය.
පාළුවට ගිය ජෙරුසලම, නුඹ රතු වස්ත්‍ර පැළඳගත්තත්, ස්වර්ණාභරණවලින් සැරසුණත්, නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත්, නුඹේ අලංකාර වීම නිෂ්ඵල වන්නේ ය. නුඹේ ප්‍රේම වන්තයෝ නුඹ ප්‍රතික්ෂේප කරති; ඔව්හු නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයති.
“ඒ ඉතිරි වූ සියලු ආධාරකරුවන් තීර් සහ සීදොන් කෙරෙන් වනසාලීම පිණිස, සියලු පිලිස්තිවරුන් නාස්ති කිරීමට පැමිණෙන දවස නිසා ය. මන්ද, ස්වාමීන් වන මා ක්‍රීත් මුහුදුබඩ දේශයෙහි ඉතිරි ව සිටින පිලිස්තිවරුන් නාස්ති කරන නිසා ය.
‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.
එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?