ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 19:6 - Sinhala New Revised Version

ඒ ගංගාවේ අතු ගංගා සිඳී වියළී යන අතර දුගඳ හමනු ඇත; බට ගස් ද පන් ගස් ද මැලවී යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ ගංගාවේ අතු ගංගා සිඳී වියළී යන අතර දුගඳ හමනු ඇත; බට ගස් ද පන් ගස් ද මැලවී යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගංගා ගඳගසයි; මිසරයේ ඔයවල් හිස්වී සිඳීයයි. බටගස්ද පන්ද මැළවෙයි.

පරිච්ඡේදය බලන්න



යෙසායා 19:6
10 හුවමාරු යොමු  

එවිට, බලන්න ලස්සන, තරබාරු එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, බට පඳුරු අතර තණ කන්නට වූ හ.


මම ළිං හාරා අන්‍ය දේශවල වතුර බීවෙමි, මම මිසරයේ සියලු ගංගා පිට ඇවිද ඒවා හින්දවන්නෙමි යි කීවෙහි ය.


“මඩ වගුරු නැති තැන තුන්හිරියා මනා ව වැවෙනු ඇද් ද? ගොහොරු බිමක් නැති තැන වැටකෙයියා වැවෙනු ඇද් ද?


අමු අමුවේ තිබිය දී ම කැපුවත්, අන් පලා ජාතීන්ට කලින් ඒවා වියළී යනු ඇත.


ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය.


ගඟේ සිටින මසුන් මැරී ගඟෙන් දුගඳ හමනු ඇත. එබැවින් එහි වතුර බීමට මිසර වාසීහු ඉතා අප්‍රිය කරන්නෝ ය’ ”යි වදාළ සේක.


නිම්රිම්හි ඔය සිඳී ගොස් පාළුකරයක් වී ඇත. ඒ අසල තණ මැලවී ගොස් ඇත. අමු කොළයක් දකින්න වත් නැත.


ඒ රටින් බට පතුරුවලින් සාදාගත් නැව්වල නයිල් ගඟ දිගේ තානාපතීහු පැමිණෙති. ශීඝ්‍ර පණිවුඩකාරයන් වන ඔබ ආපසු ගෙදර යන්න. නයිල් ගඟේ අතුවලින් බෙදී ගිය රටේ වසන ඔබේ ශක්තිමත් බලසම්පන්න ජාතියට, සියලු දෙනා භීතියට පත් කර ඇති සෙනඟ වෙත පණිවුඩයක් රැගෙන යන්න.


නුඹ විදේශීය රටවල ළිං හාරා, වතුර බීවෙහි ය කියා ද නුඹේ හේවායෝ නයිල් ගඟ වේළෙන තුරු එය පයින් පෑගුවෝ ය කියා ද කීවෙහි ය.


“එම්බා නිනිවය, තී තීබ්ස් නගරයට වඩා හොඳ ද? ආරක්ෂාව ගෙන දෙන ගංගාවක් ඈ වටේටත් තිබිණ. නයිල් ගඟ ඇගේ දිය අගල ද ප්‍රාකාරය ද විය.