සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ දිවුරා ඇත: “මා අදහස් කළ ලෙස සිදු වන්නේ ය. මා කරන්න අධිෂ්ඨාන කළ දේ කරනු ලබන්නේ ම ය.
යෙසායා 19:12 - Sinhala New Revised Version මිසරයේ රජතුමෙනි, ඔබේ දක්ෂ උපදේශකයෝ කොහේ ද? සමහර විට සව් බලැති සමිඳුන් මිසරයට විරුද්ධ ව අදහස් කර ඇති දේ ඔබට දන්වන්නට ඔවුන්ට හැකි වනු ඇත. Sinhala New Revised Version 2018 මිසරයේ රජතුමෙනි, ඔබේ දක්ෂ උපදේශකයෝ කොහේ ද? සමහර විට සව් බලැති සමිඳුන් මිසරයට විරුද්ධ ව අදහස් කර ඇති දේ ඔබට දන්වන්නට ඔවුන්ට හැකි වනු ඇත. Sinhala Revised Old Version ඉතින් නුඹේ ප්‍රඥාවන්තයෝ කොතැනද? සේනාවල ස්වාමීන්වහන්සේ මිසරය ගැන නියම කළේ කුමක්ද කියා ඔව්හු නුඹට දන්වත්වා; නොහොත් තුමූම දැනගනිත්වා. |
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ දිවුරා ඇත: “මා අදහස් කළ ලෙස සිදු වන්නේ ය. මා කරන්න අධිෂ්ඨාන කළ දේ කරනු ලබන්නේ ම ය.
මා හා සමාන කෙනෙක් ඇත්නම්, මා හමුවේ එය කියත් වා! පටන්ගැන්මේ සිට අග දක්වා සිදු වන දේ පැහැදිලි ලෙස කියන්න හැකි කිසිවෙක් සිටිත් ද?
“නුඹලා උදෙසා සාදාගත් දෙවිවරු කොයි ද? නුඹලා විපතට පත් වී සිටින විට ඔවුන්ට හැකි නම්, ඔව්හු නුඹලා ගළවා ගනිත් වා! එම්බා ජුදාව! නුඹට නගර ඇති පමණට නුඹට දෙවිවරු ද සිටිති.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම ඒදොමෙන් පැණවතුන් ද ඒසව්ගේ කඳුකරයෙන් ඥානය ද නැති නොකරම් ද?
මන්ද, “මා නුඹ පත් කෙළේ හුදෙක් නුඹ කරණකොටගෙන මාගේ බලය පා මාගේ නාමය ලොව පුරා ප්‍රකාශ කරන පිණිස ය”යි ශුද්ධ ලියවිල්ලෙහි පාරාවෝට කියා ඇත.
ප්‍රඥාවන්තයා කොයි ද? විනයධරයා කොයි ද? මේ යුගයේ වාද කරන්නා කොයි ද? මේ ලෝකයේ ප්‍රඥාව ප්‍රලාපයක් බව දෙවියන් වහන්සේ හෙළි කර ඇත.
එවිට ශෙබුල් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘අප විසින් සේවය කරනු ලැබීමට අබිමෙලෙක් කවරෙක් දැ’යි කීවාවූ ඔබේ කට දැන් කොහේ ද? මේ ඔබ විසින් හෙළා දකින ලද මිනිස්සු නොවෙත් ද? ඉතින් දැන් ඔබ ඔවුන්ට විරුද්ධ ව ගොස් සටන් කරන්නැ”යි කීවේ ය.