අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.
යෙසායා 17:3 - Sinhala New Revised Version ඉශ්රායෙල් බලකොටු බිඳ වැටෙන්නේ ය; දමස්ක ආධිපත්‍යය නැති වන්නේ ය. ඉශ්රායෙල් සෙනඟට වූවාක් මෙන් ඉතිරි වන සිරියන්වරුන්ගේත් යසඉසුරු පහ වී යන්නේ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් බලකොටු බිඳ වැටෙන්නේ ය; දමස්ක ආධිපත්‍යය නැති වන්නේ ය. ඉශ්රායෙල් සෙනඟට වූවාක් මෙන් ඉතිරි වන සිරියන්වරුන්ගේත් යසඉසුරු පහ වී යන්නේ ය. Sinhala Revised Old Version එප්‍රායිම්ගෙන් බලකොටුවද දමස්කයෙන් රජකමද සිරියෙන් ඉතිරි කොටසද පහවන්නේය; ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ තේජස මෙන් වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. |
අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.
තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.
කල්නෝ හා කර්කෙමිෂ් නගර, හමාත් හා අර්පත් නගර මම ජය ගතිමි. සමාරිය හා දමස්කය මම ජය ගතිමි.
එහෙත්, දැන් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කුලීකරුවාගේ සේවා කාලය අවසාන වන්නා සේ අවුරුදු තුනක් ඇතුළත දී මෝවබ්හි සියලු යසඉසුරු නැති වී යන්නේ ය. විශාල සමූහයක් අතරෙන් ඉතිරි වන්නේ ස්වල්ප දෙනෙක් පමණ ය. ඔව්හු ද දුර්වල අය වෙති.”
ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක. අපේ සතුරන් ගොඩනැඟුවා වූ මාලිගා සදහට ම විනාශ වී ගොස් ඇත. ඒවා කවදාවත් යළි ඉදි නොකරනු ලැබේ.
මන්ද, සිරියාව දමස්කයට වඩා බලවත් නොවේ; දමස්කය රෙශීන් රජුට වඩා බලවත් නොවේ. ඉශ්රායෙල් සම්බන්ධයෙන් කිව යුත්තේ, හැටපස් වසරකින් ජාතියක් වශයෙන් එයට පවතින්නට නොහැකි වන ලෙස සුණු විසුණු කරනු ලබන බව ය.
මන්ද, ‘අම්මේ, තාත්තේ’ කියා කියන්න දරුවාට හැකි වන්න පෙර දමස්කයේ සකල වස්තුවත්, සමාරියේ මුළු කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙනයනු ලබන්නේ ය.”
සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඔහුට ‘දෙවියන් වහන්සේ වපුරන සේක’ යන අර්ථය ඇති ‘ ජෙශ්‍රෙයෙල්’ යන නම තබන්න. මන්ද, නොබෝ කලකින් ජෙශ්‍රෙයෙල්හි කරන ලද ලේ වැගිරීම්වලට ජේහුගේ වංශයට දඬුවම් කොට, මම ඉශ්රායෙල් වංශයේ රාජ්‍යය නැති කරන්නෙමි.
යළිත් ගොමෙර් ගැබ්ගෙන දුවක ලැබුවා ය. සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඈට ‘අනුකම්පා නොලද්දී’ යන අර්ථය ඇති ‘ලෝ-රුහාමා’ යන නම තබන්න. මන්ද, මා නැවත කිසි කලෙක ඉශ්රායෙල් වංශයට කරුණාව දක්වන්නේ වත්, කමා කරන්නේ වත් නැත.
එබැවින් නුඹලාගේ සෙනඟ පිට යුද්ධය පැමිණෙන්නේ ය; නුඹලාගේ සියලු බලකොටු විනාශ වන්නේ ය. ඒ දවස ෂල්මාන් රජු විසින් යුද්ධයේ දී බෙත්-අර්බේල් නගරය විනාශ කරනු ලැබූ, මවුවරුන් ද දරුවන් ද දරුණු ලෙස මරනු ලබන දවසට සමාන වන්නේ ය.
මෙලෙස ඉශ්රායෙල් සෙනඟ බොහෝ දවස් රජ කෙනෙකු වත්, අධිපතියෙකු වත්, පුද පූජා වත්, රූපස්ථම්භ වත්, පිළිම වත්, ඉටුදෙව් රූප වත්, නැති ව සිටිනු ඇත.
එප්‍රායිම්ගේ තේජස, ඉගිළී යන කුරුල්ලෙකු මෙන් පහ වී යන්නේ ය. දරුවන් ඉපදීමක් වත්, ගැබ් ගැනීමක් වත්, පිළිසිඳ ගැනීමක් වත් තවත් නොවන්නේ ය.
‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”