මනුෂ්‍ය අතින් සාදා නිම කරන ලද මිහි පිට ජනයන්ගේ දෙවිවරුන් ගැන කතා කරන පරිදි, ජෙරුසලමේ දෙවියන් වහන්සේ ගැන කතා කළෝ ය.
යෙසායා 10:10 - Sinhala New Revised Version ජෙරුසලමේ හා සමාරියේ පිළිමවලට වඩා පිළිමවලින් ගහණ, පිළිම නමස්කාරයේ යෙදෙන රාජ්‍යයන්ට පහර දෙන්න මම අත දිගු කෙළෙමි. Sinhala New Revised Version 2018 ජෙරුසලමේ හා සමාරියේ පිළිමවලට වඩා පිළිමවලින් ගහණ, පිළිම නමස්කාරයේ යෙදෙන රාජ්‍යයන්ට පහර දෙන්න මම අත දිගු කෙළෙමි. Sinhala Revised Old Version යෙරුසලමෙත් සමාරියෙත් රූපවලට වඩා රූප ඇති දේවතාවන්ගේ රාජ්‍යයන් මාගේ අතට අසුවුණු ලෙසම, |
මනුෂ්‍ය අතින් සාදා නිම කරන ලද මිහි පිට ජනයන්ගේ දෙවිවරුන් ගැන කතා කරන පරිදි, ජෙරුසලමේ දෙවියන් වහන්සේ ගැන කතා කළෝ ය.
ජනයන්ගේ වස්තුව, පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසු විය. අත්හැර දැමූ බිජු එකතු කරන්නාක් මෙන් ලොවේ ජාතීන් එකතු කරගත්තෙමි. මා බිය ගන්වන පිණිස තටු ගැසීමක් වත්, හොට ඇරීමක් වත්, කෑගැසීමක් වත් නො වී ය.”
ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි දවා ලූ බව අපි දනිමු. ඒ දෙවිවරුන් ඇත්ත වශයෙන් දෙවිවරුන් නොව, මිනිසුන්ගේ අත්වලින් සාදන ලද ලී හා ගල් පිළිම පමණකි. එබැවින් ඒවා විනාශ විය.