එකල ජුදා තම සහෝදරයන්ගෙන් වෙන් වී අදුල්ලම් නම් නගරයේ වැසියෙකු වන හීරා නමැත්තෙකු සමඟ වාසය කිරීමට ගියේය.
මීකා 1:15 - Sinhala New Revised Version “එම්බා මරේෂාහි වැසියෙනි! නුඹලා අල්ලාගන්න සතුරන් නැවත එවන්නෙමි. ඉශ්රායෙල්හි තේජස අදුල්ලාම් නගරයට පවා පැමිණෙන්නේ ය. Sinhala New Revised Version 2018 “එම්බා මරේෂාහි වැසියෙනි! නුඹලා අල්ලාගන්න සතුරන් නැවත එවන්නෙමි. ඉශ්රායෙල්හි තේජස අදුල්ලාම් නගරයට පවා පැමිණෙන්නේ ය. Sinhala Revised Old Version එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය. |
එකල ජුදා තම සහෝදරයන්ගෙන් වෙන් වී අදුල්ලම් නම් නගරයේ වැසියෙකු වන හීරා නමැත්තෙකු සමඟ වාසය කිරීමට ගියේය.
ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේ දී දාවිත් සිටි අදුල්ලම් ගුහාවට ගියහ. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියහ.
දෙවිඳුන් නුඹලාට දඬුවම් කරන විට නුඹලා කුමක් කරන්නහු ද? දුර බැහැර රටකින් නුඹලා පිට විනාශය පැමුණුණ විට නුඹලා කුමක් කරන්නහු ද? උපකාර ලබාගන්න පිණිස කා වෙත යන්නහු ද? නුඹලාගේ වස්තුව කොතැන සඟවන්නහු ද?
අම්මොන්වරුන් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් දේශයේ වැසියෝ නැද් ද? එයට උරුමක්කාරයෝ නැද් ද? ඇත්නම්, මල්කාම් දෙවියාට නමස්කාර කරමින් සෙනඟ ගාද් රට හිමි කරගෙන නගරවල වාසය කරන්නේ මන් ද?
දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය.