ජාකොබ් ද රාකෙල් නිසා අවුරුදු සතක් සේවය කෙළේ ය. එහෙත්, ඔහු ඈට ප්‍රේම කළ බැවින් ඒ ගත කළ කාලය ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟිණි.
ප්‍රේම ගී 5:2 - Sinhala New Revised Version මම නිදාගෙන සිටියෙමි. එහෙත්, මාගේ සිත පිබිද තිබිණි. අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ. ඔහු මා අමතමින් මෙසේ කී ය; මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න. මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ. Sinhala New Revised Version 2018 මම නිදාගෙන සිටියෙමි. එහෙත්, මාගේ සිත පිබිද තිබිණි. අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ. ඔහු මා අමතමින් මෙසේ කී ය; මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න. මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ. Sinhala Revised Old Version මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය. |
ජාකොබ් ද රාකෙල් නිසා අවුරුදු සතක් සේවය කෙළේ ය. එහෙත්, ඔහු ඈට ප්‍රේම කළ බැවින් ඒ ගත කළ කාලය ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟිණි.
මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි. ඔබේ මුව හොඳින් විවර කරන්න; එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි.
කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න; ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න; ඔබේ කට හඬ මිහිරි ය; ඔබේ මුහුණ සෝබන ය.”
රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි. ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය.
මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.
ඔහුගේ හිස ඉතා පිවිතුරු රත්රන් මෙන් ය. ඔහුගේ කෙස් රොද රැලි සහිත ය; කපුටුවෙකුගේ මෙන් කාලවර්ණ ය.
මා පෙම්වතාට මම දොර ඇරියෙමි. එහෙත්, මා පෙම්වතා නික්ම ගොස් තිබිණි. ඔහු කතා කළ විට මට සිහි නැති විය. මම ඔහු සෙවීමි; එහෙත්, සම්බ නො වී ය. මා ඔහුට අඬගැසූ නමුත්, ඔහු මට පිළිතුරු නොදිනි.
මාගේ පරෙවි දෙනට, මාගේ නිර්මල තැනැත්තියට සම වූ අන් කෙනෙක් නැත. ඈ ඇගේ මවගේ එක ම දැරිය ය; ඈ බිහි කළ මවගේ ප්‍රියතම තැනැත්තී ය. වනිතාවෝ ඈ දැක ‘ඈ වාසනාවන්තී ය’යි කී හ. එසේ ය, බිසෝවරු ද උපභාර්යාවෝ ද ඇය දැක ඇය වර්ණනා කළහ.
ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා! ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා!
මහා දිය දහරින් ප්‍රේමය නිවිය නොහැකි ය; මහා ගංවතුරට එය යට කළ නොහැකි ය. මිනිසෙකු ප්‍රේමය දිනාගන්නට තමාගේ ගෙයි සියලු සම්පත දුන්නත්, ඔහුට ලැබෙන්නේ අවමානය පමණකි.
මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.
පෙනුමෙන් එතුමාණෝ බොහෝ සේ අවලක්ෂණ ය. මිනිසෙකුට සමානකමක් නැත. මිනිස් රූපය නැති වී යන පමණට විරූප වීමෙන් එය සියල්ලන්ට ම පුදුමයක් වී ඇත.
ඔහු මා සමඟ කතා කරද්දී මම සිහිසන් නැති ව මුණින් වැටී සිටියෙමි. එහෙත්, ඔහු මාගේ ඇඟට තට්ටු කර මා කෙළින් සිටුවා මෙසේ කීවේ ය:
මෙසේ වූයේ: “උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙන් බිම වැටිණි.
තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක.
පේදුරු ද ඔහු සමඟ වූවෝ ද නිදිබර ව උන්හ. එහෙත් ඔව්හු නින්දෙන් අවදි ව, උන් වහන්සේගේ තේජශ්‍රීය ද උන් වහන්සේ සමඟ සිටි මිනිසුන් දෙදෙනා ද දුටහ.
මම ක්‍රිස්තුන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි; ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ; ක්‍රිස්තුන් වහන්සේ මා තුළ ජීවත් වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළ මා උදෙසා සිය දිවි දුන්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි.
එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: “නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”
ඔව්හු ස්ත්‍රී සේවනයෙන් නොකෙලෙසුණු බ්‍රහ්මචාරීහු ය. ඔව්හු, බැටළු පෝතකයාණන් යන යන තැන, උන් වහන්සේ අනුව යන්නෝ වෙති. ඔව්හු දෙවියන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් නාඹුල් පල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මුදා ගන්නා ලද්දෝ ය.
මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය.
එහෙත් තමන්ගේ වස්ත්‍ර අපවිත්‍ර කර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබ අතර සිටිති. ඔව්හු සුදුස්සන් බැවින් ධවල වස්ත්‍ර ඇඳ මා සමඟ ඇවිදින්නෝ ය.