ප්‍රේම ගී 5:10 - Sinhala New Revised Version මා පෙම්වතා කඩවසම් ය; දස දහසක් අතරේ සොයාගත හැකි ඔහු උත්තමයෙකි. Sinhala New Revised Version 2018 මා පෙම්වතා කඩවසම් ය; දස දහසක් අතරේ සොයාගත හැකි ඔහු උත්තමයෙකි. Sinhala Revised Old Version මාගේ ප්‍රේමවන්තයා සුදුය, රතු කම්මුල් ඇත්තේය, දසදහසක් අතරේ උතුම්ය. |
රජිඳුනි, ඔබ මෙන් රූපසම්පන්න කෙනෙක් මිනිසුන් අතර තවත් නැත. ඔබ ව්‍යක්ත කථිකයෙකි, දෙවි තුමාණෝ ඔබට සැම දා ආසිරි දුන් සේක.
මාරක රෝගයක් මිනිසෙකු විනාශ කරදමන්නා සේ වන ලැහැබ ද පල බර වූ වතු ද සහමුලින් ම විනාශ කරදමනු ලබන්නේ ය.
එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.
මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැළවී සිටින අය, මාගේ කීර්තිය ගැන නොඇසූ, මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ෂිෂ්හි ද පුල්හි ද දුනුවායන් සිටින ලුද්හි ද තුබල්හි ද ජාවාන්හි ද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්‍රකාශ කරනු ඇත.
ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදු ව, කිරිවලට වඩා සුදු ව සිටියෝ ය. රතු කැටවලට වඩා ඔවුන්ගේ සිරුර රතු ව තිබුණේ ය. ඔවුන්ගේ ඔපය නීලමාණික්‍ය මෙන් විය.
ඔවුන් ජාතියේ පීතෘවරුන්ගේ පෙළපතට අයිති ය. මනුෂ්‍යයෙකු ලෙස ක්‍රිස්තුන් වහන්සේ උපන්නේත් එම පෙළපතෙහි ම ය. මුළු විශ්වයට අධිපති වූ දෙවියන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්.
උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක.
මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි.
අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.
එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක.