ප්‍රේම ගී 4:7 - Sinhala New Revised Version මාගේ සොඳුරිය, ඔබ මුළුමනින් ම රුව ඇත්තී ය; කැළලක් නැත්තී ය. Sinhala New Revised Version 2018 මාගේ සොඳුරිය, ඔබ මුළුමනින් ම රුව ඇත්තී ය; කැළලක් නැත්තී ය. Sinhala Revised Old Version මාගේ සොඳුරිය, නුඹ මුළුමනින්ම රුව ඇත්තීය; කැලලක් නැත්තීය. |
මාගේ ප්‍රිය සොඳුරිය, ඔබ රුව ඇත්තී ය; එසේ ය, ඔබ රුව ඇත්තී ය. ඔබේ මුහුණ වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන්ගේ ඇස් වැනි ය. ඔබේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග සිටින එළු රැළක් වැනි ය.
ඔහුගේ මුඛය ඉතා මිහිරි ය. එසේ ය, ඔහු මුළුමනින් ම පියකරු ය. ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා මේ ආකාර ය; මාගේ මිත්‍රයා මෙබන්දෙක් ය.
මම නිදාගෙන සිටියෙමි. එහෙත්, මාගේ සිත පිබිද තිබිණි. අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ. ඔහු මා අමතමින් මෙසේ කී ය; මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න. මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ.
එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.
එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන, උන් වහන්සේ සමඟ සාමදානයෙන් සිටින්න.
ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,
තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි.