ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 8:16 - Sinhala New Revised Version

එබැවින් සෙනඟ ගොස් ඒවා ගෙනවුත් එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත්, තමන්ගේ මිදුල්වලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ මිදුල්වලත්, වතුර දොරටුව චතුරශ්‍රයේත්, එප්‍රායිම් දොරටුවේ එළිමහනේත් පැල්පත් සාදාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එබැවින් සෙනඟ ගොස් ඒවා ගෙනවුත් එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත්, තමන්ගේ මිදුල්වලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ මිදුල්වලත්, වතුර දොරටුව චතුරශ්‍රයේත්, එප්‍රායිම් දොරටුවේ එළිමහනේත් පැල්පත් සාදාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් සෙනඟ ගොස් ඒවා ගෙනැවිත්, එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත් තමුන්ගේ මිදුල්වලත් දෙවියන්වහන්සේගේ ගෘහයේ මිදුල්වලත් වතුරදොරටුවේ එළිමහනෙත් එප්‍රායිම් දොරටුවේ එළිමහනෙත් පැල් සාදාගත්තෝය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 8:16
12 හුවමාරු යොමු  

දිනක් සවස් වේලේ දාවිත් තමාගේ යහනින් නැඟිට ගොස්, රජ මාලිගාවේ පියස්ස උඩ සක්මන් කෙළේ ය. එවිට ස්ත්‍රියක ස්නානය කරනු ඔහු පියස්සේ සිට දිටී ය. ඒ ස්ත්‍රිය ඉතා රූමත් වූවා ය.


ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් අහසියාගේ පුත් ජෙහෝවාෂ්ගේ පුත්‍රයා වන ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට අවුත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් බිඳදමා,


එවිට ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අලුත් මළුව ඉදිරිපිට, ජුදා දේශයේ සහ ජෙරුසලමේ සිට රැස් වූ සභාව මැද සිට මෙසේ කීවේ ය:


මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩප දෙකේ ග්‍රහතාරකාවන් සියල්ලට පූජාසන ගොඩනැඟුවේ ය.


ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමන් ඉදිරිපිට ද තිබුණු දාවිත්ගේ නිවෙසට ඉහළින් පවුරට නැඟුමෙහි දාවිත්ගේ නගරයේ පඩිවලින් නැඟී නැගෙනහිරට තිබෙන වතුර දොරටුව ළඟට ගියෝ ය.


එප්‍රායිම් දොරටුව උඩිනුත්, පුරාණ දොරටුව ළඟිනුත්, මත්ස්‍ය දොරටුව ද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු දොරටුව දක්වා ගොස් මුර දොරටුව ළඟ නැවතුණෙමු.


එකල ඕපෙල්හි විසූ දේව මාලිගයේ සේවකයෝ නැගෙනහිර දිශාවේ වතුර දොරටුව ද පිටතින් තිබෙන කොත ඉදිරිපිට තැන දක්වා අලුත්වැඩියා කළෝ ය.


හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ.


වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරශ්‍රය ඉදිරිපිට සිට, ස්ත්‍රී පුරුෂයන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරියේ දී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේ ය. මුලු සෙනඟ ද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.


යම් යම් ගෙවල්වල පියසි උඩ ග්‍රහ තාරකාවන්ට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරන්නටත් යෙදුණේ ද, අපවිත්‍ර වූ ඒ සියලු ගෙවල් එනම්, ජෙරුසලමේ ගෙවල් ද ජුදාහි රජවරුන්ගේ ගෙවල් ද තෝපෙත් මෙන් අපිරිසිදු වන්නේ ය.”


මේ නගරයට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරු අවුත් එය ගිනි ලන්නෝ ය. ඒ සමඟ ම මා කෝප කරන පිණිස යම් ගෙවල පියසි උඩ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරුවන්නටත් යෙදුණේ ද, ඒ ගෙවලුත් දවා දමන්නෝ ය.


“ඔබ අලුත් ගෙයක් ඉදි කරන විට, වහලෙන් යමෙකු ලිස්සා නොවැටෙන සේ වහල වෙට්ට ම බිත්තියක් තැනිය යුතු ය. යමෙකු එයින් ලිස්සා වැටී මැරුණොත්, ඒ මරණය පිළිබඳ වගකීම ඔබේ ගෘහයේ අය පිට නොපැවරේ.