තවද, සෙනඟගේ අධිපතීහු ජෙරුසලමෙහි වාසය කළෝ ය. සෙසු සෙනඟ තමන් අතරෙන් දසදෙනෙකුගෙන් එක් කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන ජෙරුසලමෙහි වාසය කිරීමට එවන පිණිස පස ඇට දැමුවෝ ය. අනික් කොටස් නුවරවල වාසය කළෝ ය.
නෙහෙමියා 7:4 - Sinhala New Revised Version නගරය පළල් ව විශාල ව තිබුණේ ය. එහෙත්, එහි විසූ සෙනඟ ස්වල්ප ය. ගෙවල් ගොඩනඟා තිබුණේ නැත. Sinhala New Revised Version 2018 නගරය පළල් ව විශාල ව තිබුණේ ය. එහෙත්, එහි විසූ සෙනඟ ස්වල්ප ය. ගෙවල් ගොඩනඟා තිබුණේ නැත. Sinhala Revised Old Version නුවර විශාලව මහත්ව තිබුණාය. නුමුත් එහි සිටි සෙනඟ ස්වල්පය, ගෙවල් ගොඩනගා තිබුණෙත් නැත. |
තවද, සෙනඟගේ අධිපතීහු ජෙරුසලමෙහි වාසය කළෝ ය. සෙසු සෙනඟ තමන් අතරෙන් දසදෙනෙකුගෙන් එක් කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන ජෙරුසලමෙහි වාසය කිරීමට එවන පිණිස පස ඇට දැමුවෝ ය. අනික් කොටස් නුවරවල වාසය කළෝ ය.
මම ඔවුන්ට කතා කොට, “අවු රස්නය සැර වන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් මුර කරන අතර ම දොරවල් වසා පොලු දමා තිබිය යුතු ය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලට ද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට ද මුරට යොදවා ගත යුතු ය”යි කීවෙමි.
එවිට පෙළපත් වශයෙන් ජන සංගණනයක් කරන පිණිස උත්තමයන් ද නිලධාරීන් ද සෙනඟ ද රැස් කරවන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි අදහසක් ඇති කළ සේක. පළමුවෙන් ම ආ අයගේ පෙළපත් ලේඛනය මට සම්බ විය. එහි මෙසේ ලියා තිබුණි.
නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”
එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.