ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 6:19 - Sinhala New Revised Version

තවද, ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියෙහි දී කීවෝ ය. මාගේ වචනය ද ඔහුට දැන්නුවෝ ය. ටෝබියා ද මා බිය ගන්වන පිණිස ලියුම් එවුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියෙහි දී කීවෝ ය. මාගේ වචනය ද ඔහුට දැන්නුවෝ ය. ටෝබියා ද මා බිය ගන්වන පිණිස ලියුම් එවුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියේදී කීවෝය, මාගේ වචනද ඔහුට දැන්නුවෝය. ටෝබියාද මා භයගන්වන්ට ලියුම් එවීය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 6:19
10 හුවමාරු යොමු  

ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භය වී, කී ලෙස කර පව්කරන පිණිසත් එවිට මට නරක නමක් ලැබී, මට අපහාස වන පිණිසත් ය.


කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය.


අපි අපේ වැඩ අතපසු කර, ඒ හේතුවෙන් ඒ වැඩය කිසි කලක නිම කරනු නොලැබේ ය යන බලාපොරොත්තුවෙන් ඔව්හු සියල්ලෝ ම අප බිය ගන්වන්නට උත්සාහ කළෝ ය. එහෙත්, “දෙවියන් වහන්ස, දැන් මාගේ අත් ශක්තිමත් කළ මැනව.”


පවුර ගොඩනැඟුවාට පසු මම දොරවල් පිහිටෙව්වෙමි. දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද ලෙවීවරු ද පත් කරනු ලැබූ හ.


නීති රීති කඩන්නෝ දුෂ්ටයන්ට පැසසුම් කරති; නීති රීති රකින්නෝ ඔවුන්ට විරුද්ධ ව සිටිති.


ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති.


ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි.


ඒ බොරු දිවැසිවරු ලෝකයට අයිති ය; ඔව්හු ලෝක ව්‍යවහාරය අනුව කතා කරති. එබැවින් ලෝකයා ඔවුන්ට සවන් දෙති.