ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 3:6 - Sinhala New Revised Version

පාසේයාගේ පුත් ජෝයාදා ද බෙසෝදෙයාගේ පුත් මෙෂුල්ලාම් ද පරණ දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පාසේයාගේ පුත් ජෝයාදා ද බෙසෝදෙයාගේ පුත් මෙෂුල්ලාම් ද පරණ දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පරණ දොරටුව පාසේයාගේ පුත්‍රවූ යෝයාදාද බෙසෝදෙයාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ද අලුත්වැඩියාකළෝය, ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 3:6
3 හුවමාරු යොමු  

මීට විරුද්ධ වූයේ, අසාහෙල්ගේ පුත් ජොනතන් ද තික්වාගේ පුත් ජාසෙයා ද පමණක් ය. මෙෂුල්ලාම් ද ලෙවීය වූ ෂබ්බෙතයි ද ඔවුන්ට සහාය දුන්හ.


එප්‍රායිම් දොරටුව උඩිනුත්, පුරාණ දොරටුව ළඟිනුත්, මත්ස්‍ය දොරටුව ද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු දොරටුව දක්වා ගොස් මුර දොරටුව ළඟ නැවතුණෙමු.


ඔහුට පසු ව තෙකෝවරු එය අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. එහෙත්, ඔවුන්ගේ නායකයෝ තමන්ගේ ස්වාමීන්ගේ සේවයට කරගසන්නට කැමැති නුවූ හ.