ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 3:25 - Sinhala New Revised Version

ඌසයිගේ පුත් පාලාල් පවුරු කොතත්, හිරගෙයි මිදුල ළඟ ඉහළ රජ ගෙදරට ඉදිරිපිටින් තිබෙන කොතත් අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව පරොෂ්ගේ පුත් පෙදායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඌසයිගේ පුත් පාලාල් පවුරු කොතත්, හිරගෙයි මිදුල ළඟ ඉහළ රජ ගෙදරට ඉදිරිපිටින් තිබෙන කොතත් අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව පරොෂ්ගේ පුත් පෙදායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඌසයිගේ පුත්‍රවූ පාලාල් පවුරු කොතත් හිරගෙයි මිදුල ළඟ ඉහළ රජගෙදරට ඉස්සරහපිටින් තිබෙන කොතත් අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව පරොෂ්ගේ පුත්‍රවූ පෙදායා අලුත්වැඩියාකෙළේය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 3:25
12 හුවමාරු යොමු  

පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය.


එප්‍රායිම් දොරටුව උඩිනුත්, පුරාණ දොරටුව ළඟිනුත්, මත්ස්‍ය දොරටුව ද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු දොරටුව දක්වා ගොස් මුර දොරටුව ළඟ නැවතුණෙමු.


ඉශ්රායෙල් සෙනඟ වූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය: පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය.


ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියා ද ෂෙමා ද අනායා ද උරියා ද හිල්කියා ද මයසේයා ද; වම් පැත්තෙන් පෙදායා ද මිෂායෙල් ද මල්කියා ද හාෂුම් ද හෂ්බද්දානා ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද සිටියෝ ය.


‘විශාල උඩුමහල් මැදුරු ඇති මහා වලව්වක් මම ම සාදාගනිමි’යි කියමින්, කිහිරි ලීවලින් පනේල අල්ලා කවුළු දමා රතු සායම් ගාන මිනිසාට වන විපතක මහත!


ඒ කාලයේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම වටලාගෙන සිටියේ ය. දිවැසිවර ජෙරමියා ජුදා රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඬස්සි වී සිටියේ ය.


ජෙරමියා හිර ගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරටත් ඔහු වෙත පැමිණියේ ය.


ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය.


එවිට ඔව්හු ජෙරමියා ලණුවලින් ඇද ළිඳෙන් ගොඩට ගත්හ. ජෙරමියා රැකවල් මළුවේ සිටියේ ය.


බබිලෝනිවරු රජ මැදුර සහ සෙනඟගේ ගෙවල් ගිනි ලා, ජෙරුසලමේ පවුරු කඩාදැමුවෝ ය.


එම්බා සෙනඟගේ මුර අට්ටාලය, සියොන් පුරඟනගේ බලකොටුව, ඔබ වෙත නැවතත් පළමු ආණ්ඩුව පැමිණෙන්නේ ය. ජෙරුසලම් පුරඟනගේ රාජ්‍යය පැමිණෙන්නේ ය.