එවිට ජේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද කද්මියෙල් සහ ඔහුගේ පුත්‍රයන් වූ ජුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ලෙවීවරු එකමුතු ව දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්නන් පිළිබඳ වගකීම තමන් අතරේ බෙදාගත්හ.
නෙහෙමියා 3:24 - Sinhala New Revised Version ඔහුට පසු ව හෙනාදාද්ගේ පුත් බින්නුයි අශරියාගේ ගෙය පටන් පවුර හැරෙන තැන සහ කොත දක්වාත් තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය. Sinhala New Revised Version 2018 ඔහුට පසු ව හෙනාදාද්ගේ පුත් බින්නුයි අශරියාගේ ගෙය පටන් පවුර හැරෙන තැන සහ කොත දක්වාත් තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය. Sinhala Revised Old Version ඔහු ගාව හෙනාදාද්ගේ පුත්‍රවූ බින්නුයි අසරියාගේ ගෙය පටන් පවුරේ හැරෙන තැන සහ කොන දක්වාත් තව කොටසක් අලුත්වැඩියාකෙළේය. |
එවිට ජේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද කද්මියෙල් සහ ඔහුගේ පුත්‍රයන් වූ ජුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ලෙවීවරු එකමුතු ව දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්නන් පිළිබඳ වගකීම තමන් අතරේ බෙදාගත්හ.
ලෙවීවරුන් වන අශනියාගේ පුත් ජේෂුවා ද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන බීන්නුයි ද කද්මියෙල් ද;
හාරීම්ගේ පුත් මල්කියා ද පාහත්-මෝවබ්ගේ පුත් හප්ෂුබ් ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියා කළෝ ය.
ඔවුන්ට පසු ව මිශ්පායේ අධිපතියා වූ ජේෂුවාගේ පුත් එශෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැඟුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
ඔවුන්ට පසු ව බෙන්ජමින් ද හෂ්ෂුබ් ද තමන්ගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කළෝය. ඔවුන්ට පසු ව අනනීයාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත් අශරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියා කෙළේ ය.
පෙදායාට පසු ව තෙකෝවරු පිටතින් තිබෙන ලොකු කොත ඉදිරිපිට ද ඕපෙල්හි පවුර දක්වා ද තව කොටසක් අලුත්වැඩියා කළෝ ය.