නෙහෙමියා 12:10 - Sinhala New Revised Version ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය. Sinhala New Revised Version 2018 ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය. Sinhala Revised Old Version යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය, |
එලියාෂිබ්ගේ ද ජෝයාදාගේ ද ජෝහානාන්ගේ ද ජද්දුවාගේ ද දවස්වල ලෙවීවරුන්ගේ පිය පෙළපත් ප්‍රධානියෝ ලියාපදිංචි කරනු ලැබුවෝ ය. පූජකයෝත් පර්සියාවේ දාරියුස්ගේ රජ කාලය දක්වා එසේ වූ හ.
මොවුහු ජොශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයා වන ජෝයාකීම්ගේ දවස්වල දිශාධිපතියා වන නෙහෙමියාගේත්, නීතිවේදියා වන පූජක එස්රාගේත් දවස්වල ද සිටියෝ ය.
තවද, ඔවුන්ගේ සහෝදරයන් වන බක්බුකියා ද උන්නෝ ද ඔවුන් ඉදිරිපිට වාර පිළිවෙළින් සිටියෝ ය.
උත්තම පූජක වූ එලියාෂිබ්ගේ පුත්‍රයා වන ජෝයාදාගේ පුත්‍රයෙකු හොරොනීය ජාතික සන්බලට්ට බෑණා ව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙව්වෙමි.
මීට පෙර අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා බාර ව සිටි පූජක එලියාෂිබ් ටෝබියාට විවාහයෙන් නෑකමක් ඇති ව සිටියේ ය.
ජෙරුසලමට පෙරළා පැමිණියෙමි. එවිට, එලියාෂිබ් දෙවියන් වහන්සේගේ මාලිගාවේ මළුවල ටෝබියා උදෙසා කාමරයක් සකස් කර දීමෙන් ඔහු කළ ඒ නපුරු දේ ගැන දැනගතිමි.
එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.