ඔවුන්ගේ ගවමහිෂයන් ගල් වැස්සෙන් යට කළ සේක; එළු බැටළු පට්ටි හෙණ අකුණුවලට පාවා දුන් සේක;
නික්මයාම 9:6 - Sinhala New Revised Version පසුදින උන් වහන්සේ එලෙස කළ සේක. එවිට මිසරයේ ගවසම්පත මුළුමනින් ම වැනසිණි. එහෙත්, ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙක් වත් නොමළේ ය. Sinhala New Revised Version 2018 පසුදින උන් වහන්සේ එලෙස කළ සේක. එවිට මිසරයේ ගවසම්පත මුළුමනින් ම වැනසිණි. එහෙත්, ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙක් වත් නොමළේ ය. Sinhala Revised Old Version පසුවදා ස්වාමීන්වහන්සේ ඒ දේ කළසේක, මිසරයේ සියලු සිව්පාවෝ මළෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළේය. |
ඔවුන්ගේ ගවමහිෂයන් ගල් වැස්සෙන් යට කළ සේක; එළු බැටළු පට්ටි හෙණ අකුණුවලට පාවා දුන් සේක;
එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.
ඉන්පසු මධ්‍යම රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේ, සිහසුන් අරා සිටි පාරාවෝගේ කුලුඳුලා පටන් සිරගෙයි සිටි සිරකරුවාගේ කුලුඳුලා දක්වා, මිසර දේශයෙහි වසන කුලුඳුලන් සියල්ලන්ට සහ මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දුන් සේක.
එහෙත් එදින, මාගේ සෙනඟ පදිංචි වී සිටින ගෝෂෙන් ප්‍රදේශය වෙන් කරමි. එහි නම් මැසි රංචු නොසිටිනු ඇත. මා එසේ කරන්නේ, මිහි පිට වැඩ සිටින සමිඳාණන් වහන්සේ මා බව ඔබ දැනගන්නා පිණිස ය.
ගල් වර්ෂාව මුළු මිසර දේශය පුරා කෙතේ සිටි සියලු මිනිසුන්ට හා මෘගයන්ට පහර දුනි. තවද එය, කෙතෙහි වූ පැළෑටි සියල්ලට ද පහර දෙමින් එහි වූ ගස් සියල්ල ද බිඳදැමී ය.
එහෙත් සමිඳාණන් වහන්සේ වන මම ඉශ්රායෙල් ජනයාගේ ගවයන් හා මිසර වාසීන්ගේ ගවයන් අතර වෙනසක් දක්වන්නෙමි. ඉශ්රායෙල් ජනයා සතු මුළු ගවසම්පතින් එක සතෙක් වත් නොමැරෙන්නේ ය.
තවද, උන් වහන්සේ වේලාවක් ද නියම කරමින්, ‘හෙට සමිඳාණන් වහන්සේ මේ දේ මේ රටේ ඉටු කරනු ඇතැ’ ”යි වදාළ සේක.