ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 5:1 - Sinhala New Revised Version

ඉන්පසු මෝසෙස් ද ආරොන් ද පාරාවෝ වෙත පැමිණ, “ ‘පාළුකරයෙහි මාගේ නාමයෙන් මංගල්‍යයක් පවත්වනු පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න’ කියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, වදාරන සේකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉන්පසු මෝසෙස් ද ආරොන් ද පාරාවෝ වෙත පැමිණ, “ ‘පාළුකරයෙහි මාගේ නාමයෙන් මංගල්‍යයක් පවත්වනු පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න’ කියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, වදාරන සේකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට අවුත්: මට වනාන්තරයෙහිදී මංගල්‍යයක් පවත්වන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 5:1
26 හුවමාරු යොමු  

ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.


රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි.


මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙත පැමිණ ඔහුට කතා කොට, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය; එනම්, ‘ඔබ කොපමණ කාලයක් මට යටත්වීම ප්‍රතික්ෂේප කරන්නෙහි ද? මා හට වැඳුම්පිදුම් කරනු පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.


මාගේ සෙනඟට යන්න අවසර නුදුන්නොත්, මම හෙට ඔබේ රටට පළඟැටියන් ගෙනෙන්නෙමි.


මෝසෙස් උත්තර දෙමින්, “අප විසින් සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු නිසා, අපේ බාලයන් සහ මහල්ලන් ද අපේ පුතුන් සහ දූවරුන් ද අපේ එළු බැටළු සහ ගව පට්ටි ද සමඟ අපි යන්නෙමු”යි කීවේ ය.


ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න.


දැන් ඉතින් කරුණාකර, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලැබුවෙම් නම්, මා ඔබ හොඳින් දැනහැඳිනගෙන, ඔබේ අනුග්‍රහය නොකඩවා ලබන පරිදි ඔබේ සැලසුම් දැන් මට පෙන්වුව මැනව. මේ ජාතිය ද ඔබේ ම සෙනඟ බව සිහි කළ මැනව”යි කී ය.


එබැවින් මට පුද පූජා ඔප්පු කරන පිණිස මාගේ පුතුට යන්න අවසර දෙන්නට මම ඔබට කියමි. එහෙත්, ඔබ ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි නම් මෙන්න, මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරාදමන්නට යමි’යි කියන්නැ”යි වදාළ සේක.


“නුඹ මිසරයේ රජු වන පාරාවෝ වෙත ගොස්, ‘ඔහුගේ රටින් පිට වී යන්න ඉශ්රායෙල් ජනතාවට අවසර දෙන්න’ කියා කියන්නැ”යි වදාළ සේක.


ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙනෙනු පිණිස මිසරයේ රජ වූ පාරාවෝට කතා කෙළේත් එම මෝසෙස් සහ ආරොන් ය.


නුඹ ඔහුට කතා කොට, හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කීමට ඔබ වෙත මා එවූ සේක. එනම්, ‘මට පාළුකරයෙහි වැඳුම්පිදුම් කරන පිණිස යන්න මාගේ සෙනඟට අවසර දෙන්න. එහෙත් පුදුමයකි, මේ වන තෙක් ඔබ ඊට සවන් නුදුන්නෙහි ය.


මා නුඹට අණ කරන සියල්ල නුඹ ඔහුට කිව යුතු ය. නුඹේ සහෝදර වන ආරොන් ද පාරාවෝට කතා කොට, ඔහු ඉශ්රායෙල් ජනයා ඔහුගේ දේශයෙන් පිටත් කර යැවිය යුතු ය යි කියන්න.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස්, ඔහු අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මට වැඳුම්පිදුම් කරන පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න.


තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘නුඹේ සැරයටිය දිගු කොට පොළොවේ දූවිල්ලට ගසන්න, එවිට මුළු මිසර දේශය පුරා ඇති දූවිල්ල කිනිතුල්ලන් බවට හැරෙනු ඇත’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.


ඔව්හු එසේ කළහ. ආරොන් සැරයටිය ගෙන අත දිගු කොට එයින් පොළොවේ දූවිල්ලට ගැසූ විට ඒවා මිනිසාගේ සහ මෘගයාගේ ඇඟේ වසන කිනිතුල්ලන් බවට පත් විය. මුළු මිසර දේශය පුරා පොළොවේ සියලු දූවිල්ල කිනිතුල්ලන් බවට පත් විය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතාකොට, “අලුයම නැඟිට, පාරාවෝ ගංගාව බලා එන වේලාවේ දී ඔහු හමු වීමට ගොස්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මට වැඳුම්පිදුම් කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.


අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි, තුන් දවසක දුර පාළුකරයට ගොස්, උන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නෙමු”යි කී ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.


ඔබ ඔවුන්ට යන්න අවසර නො දී, තවදුරටත් ඔවුන් වැළැකුවහොත්


සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.


“මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා හා කටු ගස් මෙන් වුවත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසය කරන්නේ වී නමුත්, ඔවුන්ට වත්, ඔවුන්ගේ වචනවලට වත් බිය නොවන්න. ඔවුන්ගේ මුහුණේ පෙනුමට නොකැළඹෙන්න.


ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියක් පිණිස ඔබ මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත.


ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.


දැන් ඉතින් ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීත ව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව.


එබැවින් පරණ මුහුන්වලින් වත්, ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නමැති මුහුන්වලින් වත් නොව, අවංකකම ද සත්‍යය ද නමැති නුමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය පවත්වමු.