ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 39:38 - Sinhala New Revised Version

රන් පූජාසනය ද ආලේප තෛලය හා සුවඳ ද්‍රව්‍ය ද මණ්ඩපයේ දොරටුවට කඩතුරාව ද

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රන් පූජාසනය ද ආලේප තෛලය හා සුවඳ ද්‍රව්‍ය ද මණ්ඩපයේ දොරටුවට කඩතුරාව ද

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

රන්මය පූජාසනයද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයන්ද කූඩාරමේ දොරකඩට කඩතුරාවද;

පරිච්ඡේදය බලන්න



නික්මයාම 39:38
11 හුවමාරු යොමු  

මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟා උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවස ද සබත් දවස්වල ද අමාවක් දිනවල ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියම මංගල්‍යවල දී ද දවන යාග පූජා ඔප්පු කරන පිණිසත් එය උන් වහන්සේට කැප කරන්න යමි. මෙය සදහට ම ඉශ්රායෙල්වරුන්ට නියෝගයක් වනු ඇත.


පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් පූජාව සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද,


“නුඹ සුවඳ දුම් ඔප්පු කිරීමට ෂිටිම් ලීයෙන් පූජාසනයක් තනන්න.


සමිඳාණන් වහන්සේ යළි මෝසෙස් අමතා මෙසේ වදාළ සේක:


එහි මුදුන ද හතර පැත්ත ද අං ද රනින් ආලේප කළ යුතු අතර එය වටේට රන් ලීස්තරයක් ද සෑදිය යුතු ය.


දිනපතා උදය ආරොන් පහන් පිළියෙළ කොට, ඔහු එහි සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය.


ආලේප තෛලය සහ ශුද්ධස්ථානය සඳහා සුවඳ දුම් වේ. මා නුඹට අණ කළ සියල්ල අනුව ඒවා ඉටු කළ යුතු ය.”


පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද


තවද, සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකුගේ ශාස්ත්‍රය අනුව ඔහු සුගන්ධ ද්‍රව්‍ය ගෙන ශුද්ධ ආලේප තෛලය හා පිරිසිදු සුවඳ ද්‍රව්‍ය සංයෝගය කෙළේ ය.


තනි රන් පහන් රුක හා එහි පහන් ද පිළිවෙළට තබන පහන් හා එහි උපකරණ සියල්ල ද පහන දැල්වීමට තෙල ද


ලෝකඩ පූජාසනය ද එහි ලෝකඩ මැස්ස ද එහි පොලු හා එහි සියලු උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද