පහන් රුකේ එක පැත්තක අතු තුනක් ද අනික් පැත්තේ අතු තුනක් ද බැගින් එහි පැතිවලින් අතු හයක් විහිදී යා යුතු ය.
නික්මයාම 37:18 - Sinhala New Revised Version පහන් රුකේ එක පැත්තකින් අතු තුනක් ද අනික් පැත්තෙන් අතු තුනක් ද බැගින්, එහි පැතිවලින් අතු හයක් විහිදිණි. Sinhala New Revised Version 2018 පහන් රුකේ එක පැත්තකින් අතු තුනක් ද අනික් පැත්තෙන් අතු තුනක් ද බැගින්, එහි පැතිවලින් අතු හයක් විහිදිණි. Sinhala Revised Old Version ඒකේ පැතිවලින් නික්මෙන අතු සයක් විය; පහන් රුකේ එක් පැත්තක අතු තුනක්ය, පහන් රුකේ අනික් පැත්තේ අතු තුනක්ය. |
පහන් රුකේ එක පැත්තක අතු තුනක් ද අනික් පැත්තේ අතු තුනක් ද බැගින් එහි පැතිවලින් අතු හයක් විහිදී යා යුතු ය.
තවද, ඔහු පහන් රුක ද තනි රනින් සෑදුවේ ය. එහි අඩිය ද කඳ ද තළාපු රනින් නිමවා, එහි මල් ද මොට්ටු ද මල් පෙති ද එක වස්තුවක් වන සේ සම්බන්ධ කෙළේ ය.
එක අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද අනික් අත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස කෙළේ ය.
“ආරොන් අමතා ඔහුට මෙසේ කියන්න: ‘නුඹ පහන් දල්වන විට පහන් හතේ එළිය පහන් රුක ඉස්සරහට වැටිය යුතු ය’ ”යි වදාළ සේක.