ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 34:5 - Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ ද වලාකුළක ආකාරයෙන් බැස, එහි ඔහු සමඟ සිටගෙන, ‘සමිඳාණන් වහන්සේ’ යන ස්වකීය නාමය ප්‍රකාශ කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ ද වලාකුළක ආකාරයෙන් බැස, එහි ඔහු සමඟ සිටගෙන, ‘සමිඳාණන් වහන්සේ’ යන ස්වකීය නාමය ප්‍රකාශ කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ස්වාමීන්වහන්සේ වලාකුළ ඇතුව බැස එහි ඔහු සමඟ සිට ස්වාමීන්වහන්සේගේ නාමය ප්‍රකාශකළසේක.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 34:5
16 හුවමාරු යොමු  

ජනයෝ සියොන්හි දී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේ දී එතුමන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝ ය.


සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.


නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.


ඔහුට ගෞරව කරන්න, ඔහුගේ හඬට කීකරු වන්න. ඔහුට විරුද්ධ ව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේ ය.


උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, “මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක.


මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට ම වලා ටැඹ බැස, එහි දොරටුව ළඟ සිටගති. සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක.


සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති.


එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.


මම බැසැවිත් නුඹ සමඟ එහි දී කතා කරන්නෙමි. නුඹ මත ඇති ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මම ඔවුන් පිට ද තබන්නෙමි. එවිට සෙනඟ පිළිබඳ වගකීම නුඹ තනියම නො උසුලා ඔවුන් ද නුඹ සමඟ එය උසුලනු ඇත.


සමිඳාණන් වහන්සේ වලාකුළකින් බැස, අවුත් මෝසෙස්ට කතා කොට, ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයන් හැත්තෑදෙනාට දුන් සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට, ඔව්හු මඳ වේලාවක් දිවැස් වැකි කීමට පටන්ගත්හ.


උන් වහන්සේ වලා ටැඹකින් බැස අවුත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ වැඩ සිට, ආරොන් සහ මීරියම් කැඳවූ සේක. ඔව්හු දෙදෙන පැමිණියහ.


ඔබ වදාරා ඇති පරිදි, සමිඳාණන් වහන්සේ වන ඔබ පහසුවෙන් නොකිපෙන සුලු ය, ඉමහත් සේ දයා පාන සේක, අදමිටුකම් හා නපුරුකම් කමා කරන සේක, වැරදිකරුට දඬුවම් නොකර නොහරින සේක, පියවරුන්ගේ දමිටුකම් නිසා ඔවුන්ගේ දරු මුණුබුරන්ට තුන් වන හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක. එසේ පොරොන්දු වූ ලෙස දැන් කරුණාකර ඔබ වහන්සේගේ බලපරාක්‍රමය විදහා පෑව මැනව.


හිමි සඳ නම මම පවසමි. එතුමන්ගේ මහිමය ඔබ ගයන්න.


එවිට සාමුවෙල් කිසිවක් නොසඟවා සියල්ල ම ඔහුට කීවේ ය. ඒ ඇසූ ඒලී, “උන් වහන්සේ සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේට යහපත් යැයි සිතෙන දේ කරන සේක් වා”යි පැවසී ය.