ඔටුවන් වතුර බීවාට පසු ඔහු ඇගේ නාසයට වටිනා රන් මුද්දක් ද, ඇගේ අත්වලට වටිනා රන් වළලු දෙකක් ද දමා,
නික්මයාම 32:2 - Sinhala New Revised Version ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද දරුදැරියන්ගේ ද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙනෙන්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද දරුදැරියන්ගේ ද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙනෙන්නැ”යි කී ය. Sinhala Revised Old Version ආරොන්ද: නුඹලාගේ භාර්යාවන්ගේද පුත්‍රයන්ගේද දූවරුන්ගේද කන්වල තිබෙන රන් කුණ්ඩලාභරණ ගළවා මා ළඟට ගෙනෙන්නැයි කීය. |
ඔටුවන් වතුර බීවාට පසු ඔහු ඇගේ නාසයට වටිනා රන් මුද්දක් ද, ඇගේ අත්වලට වටිනා රන් වළලු දෙකක් ද දමා,
පසුව මම, ‘ඔබ කාගේ දියණියන් දැ’යි ඇසීමි. ඈ ද, ‘මම නාහෝර්ගෙන් මිල්කා ලැබූ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව වෙමි’යි කී විට, මම ඇගේ නාසයට මුදුව ද අත්වලට වළලු ද දැමීමි.
ස්ත්‍රීහු හා පුරුෂයෝ පැමිණියහ. දීමට කැමැති සෑම දෙනා ම, හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල සහ නන්වැදෑරුම් රත්රන් බඩු ගෙනාහ. මෙලෙස සියල්ලෝ ම සමිඳාණන් වහන්සේට කැප කළ රත්රන් බඩු රැගෙන පැමිණියහ.
රිදීයෙන් ද රනින් ද ඔප දමන ලද දේව රූප ගෙන, “නුඹලා අපෙන් ඉවත් වෙත්වා”යි කියමින් ඔබ ඒවා කුණු කසළ මෙන් විසිකර දමන්නහු ය.
මා නුඹට දුන් මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන, නුඹ පුරුෂයන්ගේ රූප සාදාගෙන ඒවා සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය.
ධාන්‍ය ද මිදියුස ද තෙල් ද දුන්නේත්, බාල්ගේ දේව රූප නෙළීමට ගත් රන් රිදී ඈට නොමසුරු ව දුන්නේත් මා බව ඈ දැන සිටියේ නැත.