තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් රොටි ඇති පැසෙන් රොටියක් ද තෙලින් බැදි රොටියක් ද තුනී රොටි පෙත්තක් ද ගෙන,
නික්මයාම 29:32 - Sinhala New Revised Version සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද බැටළුවාගේ මස් සහ පැසේ ඇති රොටි වැළඳිය යුතු ය. Sinhala New Revised Version 2018 සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද බැටළුවාගේ මස් සහ පැසේ ඇති පූප වැළඳිය යුතු ය. Sinhala Revised Old Version ආරොන් හා ඔහුගේ පුත්‍රයෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ සිට ඒ බැටළුවාගේ මාංසද පැසේ තිබෙන රොටිද කෑ යුතුය. |
තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් රොටි ඇති පැසෙන් රොටියක් ද තෙලින් බැදි රොටියක් ද තුනී රොටි පෙත්තක් ද ගෙන,
ඔවුන් පූජකවරය ලැබීමේ දී හා ඔවුන් කැප කිරීමේ දී, ඔවුන්ගේ පාපවලට කමාව ලබාගැනීම සඳහා ගත් දේවල් ද ඔවුන් වැළඳිය යුතු ය. එහෙත්, ඒවා ශුද්ධ බැවින්, ඔවුන් හැර වෙන කිසිවෙකු ඒවා නොවැළඳිය යුතු ය.
එවිට මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට කතා කොට, මා අණ කළ පරිදි, “සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඒ මාංස තම්බා, ‘ආරොන් සහ ඔහුගේ පුතුන් එය වැළඳිය යුතු ය’ කියා එහි දී කැප කිරීමට ගත් පැසේ ඇති රොටි සමඟ වළඳන්න.