ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 29:2 - Sinhala New Revised Version

නුමුහුන් රොටි ද තෙලින් බදින ලද හා තෙල් ගාන ලද නුමුහුන් රොටි ද ගන්න. මේවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුමුහුන් පූප ද තෙලින් බදින ලද හා තෙල් ගාන ලද නුමුහුන් පූප ද ගන්න. මේවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මුහුන් නොදැමූ රොටිද තෙලින් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපයන්ද තෙල් ගැල්වූ මුහුන් නොදැමූ පූපපෙතිද ගන්න. ඒවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතුය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 29:2
14 හුවමාරු යොමු  

එම රාත්‍රියේ දී උගේ මාංස අනුභව කළ යුතු ය. එය අනුභව කළ යුත්තේ මඳ ගින්නේ පුළුස්සා, නුමුහුන් රොටි හා තිත්ත පලා සමඟ ය.


තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් රොටි ඇති පැසෙන් රොටියක් ද තෙලින් බැදි රොටියක් ද තුනී රොටි පෙත්තක් ද ගෙන,


නුඹ ඒවා එක පැසක දමා, ඒ පැස ද ගව නාම්බා සහ බැටළුවන් දෙන්නා ද ගෙනා යුතු ය.


එය මත තෙල් වත් කොට තුවරලා දැමිය යුතු ය. එවිට එය ධාන්‍ය පූජාවක් වනු ඇත.


ගිනි ද පූජාසනය මත නිවෙන්නට නොහැර නිතර ම දැල්වෙමින් තිබිය යුතු ය.”


තෙල් මිශ්‍ර සහ අමිශ්‍ර ධාන්‍ය පූජා සියල්ල ම ආරොන්ගේ පුත්‍රයන් සියලු දෙනා සම සේ බෙදාගත යුතු ය.”


යමෙක් ස්තුති දීමක් වශයෙන් එය පුදන්නේ නම්, ස්තුති දීමේ පූජාවක් සමඟ තෙල් මිශ්‍ර නුමුහුන් රොටි ද තෙල් ගෑ නුමුහුන් රොටි පෙති ද සිහින් පිටිවලින් බදින ලද තෙල් මිශ්‍ර රොටි ද පුද කළ යුතු ය.


“ආරොන් සහ ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් ද පූජක වස්ත්‍ර සහ ආලේප තෛලය ද පාප පූජාව සඳහා වස්සෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද නුමුහුන් රොටි පැස ද ගෙන


පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ නුමුහුන් රොටි පැසෙන් එක නුමුහුන් රොටියක් ද තෙල් මිශ්‍ර රොටියක් ද එක තුනී රොටි පෙත්තක් ද ගෙන ඔහු ඒවා සතාගේ තෙල හා දකුණු ගාතය මත තබා


පසුව නුමුහුන් රොටි කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ රොටි ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී රොටි පෙති ද රොටි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.


‘පූජකවරයා බැටළු වස්සාගේ තම්බන ලද ගාතයත්, රොටි කූඩයෙන් එක නුමුහුන් රොටියකුත්, එක නුමුහුන් තුනී රොටි පෙත්තකුත් රැගෙන, නාසරීයයා තම හිස බූගාගත් පසු ඔහුගේ අත්හි තැබිය යුතු ය.


ඔබ හැම අතින් ම පිරිසිදු වන පිණිස පාපය නමැති මුහුන් ඉවත් කරන්න. එවිට ඔබ අලුත් නුමුහුන් පිටි පිඬක් මෙන් වන්නහු ය. ඔබ දැනට ම එසේ බව මම දනිමි, එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි.