එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.
නික්මයාම 24:4 - Sinhala New Revised Version ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය. Sinhala Revised Old Version මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය. |
එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.
ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය.
තවද, සිහිවටනයක් මෙන් මා සිටවූ මේ ගල දෙවියන් වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් සැබැවින් ම මම ඔබට දසයෙන් කොටසක් දෙන්නෙමි”යි කී ය.
‘නුඹේ නාමය ඉශ්රායෙල් වන්නේ ය’ යන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ලැබූ ජාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන
තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය.
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “මෙය සිහි වන පිණිස, “මම අමලෙක්වරුන් ගැන මතකයක් නැති වන සේ මිහි පිටින් ඔවුන් සම්පූර්ණයෙන් ම මකාදමමි’යි පොතක ලියා, එය ජෝෂුවාට ඇසෙන පරිදි කියන්නැ”යි වදාළ සේක.
මෝසෙස් පූජාසනයක් තනා ඊට සමිඳා-නිස්සී හෙවත් සමිඳාණන් වහන්සේ මාගේ ධජය කියා නම් තැබී ය.
පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ.
ඒ ගල්වල ඉශ්රායෙල් ජනයාගේ නම් තිබිය යුතු වේ. මෙලෙස නම් ඇති ගල් දොළහේ, මුද්‍රා කැටයම් මෙන්, එක් එක් ගලක ගෝත්‍ර දොළහේ නම් එක එක බැගින් තිබිය යුතු ය.
නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ වචන ලියාගන්න. මන්ද, මේ වචන අනුව මා නුඹ සමඟ ද ඉශ්රායෙල්වරුන් සමඟ ද ගිවිසුමක් පිහිටුවන හෙයිනි”යි වදාළ සේක.
ඒ දවස පැමිණි විට සමිඳාණන් වහන්සේට මිසරයේ පූජාසනයක් ද එහි සීමාව ළඟ ගල් කණුවක් ද පිහිටුවනු ලබන්නේ ය.
“නුඹ සිහින් පිටි රැගෙන රොටි දොළොසක් සාදන්න. එක රොටියක පිටි කිලෝග්‍රෑම් එකක් විය යුතු ය.
“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින්, සැරයටි දොළසක් ඔවුන්ගෙන් ගෙන නුඹ ඒවායේ එක් එක්කෙනාගේ නම් සටහන් කරන්න.
මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයේ දී කන බොන පිණිස ද සිහසුන් අරා ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස කෙරෙහි විනිශ්චය කරන පිණිස ද වරය මමත් ඔබට පවරා දෙමි.”
මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.
මෝසෙස් මේ නීතිය ලියා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය ලෙවීගේ වංශයේ පූජකයන්ට ද ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන්ට ද භාර දුන්නේ ය.
ඔවුන් අමතා, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් ඔබ ජොර්දාන් ගඟට ගොස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර අනුව එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ ගෙන යන්න.
නුවර පවුරෙහි අත්තිවාරම් දොළොසක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නාම දොළොස ලියා තිබිණි.