නුඹ කන්ද වට කර සෙනඟ මායිමේ සිටුවා, ‘කන්දට නොනඟින හැටියටත්, කන්ද පාමුල ස්පර්ශ නොකරන හැටියටත් පරෙස්සම් වන්නැ’යි ඔවුන්ට කියන්න. යමෙකු කන්ද ස්පර්ශ කළොත් ඔහු ඇත්තෙන් ම මරනු ලැබේ.
නික්මයාම 24:2 - Sinhala New Revised Version මෝසෙස් පමණක් මට ළං විය යුතු ය. සෙස්සෝ ළං නොවිය යුත්තාහ. සෙනඟ ද කන්දට නොනැංග යුතු ය”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 මෝසෙස් පමණක් මට ළං විය යුතු ය. සෙස්සෝ ළං නොවිය යුත්තාහ. සෙනඟ ද කන්දට නොනැංග යුතු ය”යි වදාළ සේක. Sinhala Revised Old Version මෝසෙස් පමණක් ස්වාමීන්වහන්සේ ළඟට එන්නේය; නුමුත් ඔවුන් ළංනොවිය යුතුය; සෙනඟ ඔහු සමඟ නොනැග්ග යුතුයයි කීසේක. |
නුඹ කන්ද වට කර සෙනඟ මායිමේ සිටුවා, ‘කන්දට නොනඟින හැටියටත්, කන්ද පාමුල ස්පර්ශ නොකරන හැටියටත් පරෙස්සම් වන්නැ’යි ඔවුන්ට කියන්න. යමෙකු කන්ද ස්පර්ශ කළොත් ඔහු ඇත්තෙන් ම මරනු ලැබේ.
තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න.
මෝසෙස් ද වලාකුළ මැදට ගොස් කන්දට නැංගේ ය. ඔහු දවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කන්දෙහි සිටියේ ය.
මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ.
ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගේ ම කෙනෙක් වන්නේ ය; ඔවුන්ගේ ආණ්ඩුකාරයා ද ඔවුන් අතරෙන් ම නැඟී එන්නේ ය. මා වෙත එන්නට මම ඔහුට අවසර දෙන්නෙමි. එවිට ඔහු මා වෙත ළඟා වන්නේ ය. කැඳවීමක් නැති ව ම මා වෙත පැමිණෙන්නට බිය නොවන්නේ කවරෙක් ද? මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
ජොර්දානයේ වන ලැහැබින් නික්ම සරු ගොදුරු බිම් කරා පැමිණෙන සිංහයෙකු මෙන් මම අවුත් ඒදොම් වැසියන්ට සිය දේශයෙන් පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා සතුටු කෙනෙකු තෝරාගෙන රට පාලනය කිරීමට පත් කරනු ඇත. මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? කවර නම් නායකයෙක් මට එදිරි වන්නේ ද?
ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.