මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි. නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න.
නික්මයාම 18:9 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් මිසර වාසීන්ගේ අතින් මුදා, ඔවුන්ට උන් වහන්සේ කර දුන් සියලු යහපත්කම් ගැන ජෙත්රෝ ප්‍රීති ප්‍රමෝද විය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් මිසර වාසීන්ගේ අතින් මුදා, ඔවුන්ට උන් වහන්සේ කර දුන් සියලු යහපත්කම් ගැන ජෙත්රෝ ප්‍රීති ප්‍රමෝද විය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරවරුන් අතින් ගළවාගෙන ඔවුන්ට කළාවූ සියලු යහපත්කම් ගැන යෙත්‍රෝ ප්‍රීතිවිය. |
මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි. නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න.
ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.
සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.
ජෙරුසලමට ප්‍රේම කරන සියල්ලෙනි, ඈ උදෙසා ප්‍රීති සන්තෝෂ වන්න. ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීති වන්න.
සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.
මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමඟ සියලු ම අවයවයෝ වේදනා විඳිති; එලෙස ම එක අවයවයක් ගෞරව ලබයි නම්, ඒ සමඟ සියලු ම අවයවයෝ ප්‍රීති වෙති.
තවද, සාවුල් කේනිවරුන්ට කතා කොට, “මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ විනාශ නොකරනු ලබන පිණිස ඔවුන් කෙරෙන් අහක් ව යන්න. මන්ද, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් එද්දී ඔබ ඔවුන් සියල්ලන්ට කරුණා කළ නිසා ය”යි ඔවුන්ට කීවේ ය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක් ව ගියෝ ය.