ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 17:3 - Sinhala New Revised Version

සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, “ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, “ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහිදී සෙනඟට වතුර පිපාසා විය; එහෙයින් සෙනඟ කථාකොට: අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසායෙන් මරවන්ට මිසරයෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 17:3
9 හුවමාරු යොමු  

ඔවුන්ගේ කුසගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට ආහාර දුන් සේක. ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්ම වූ සේක.


ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබේ යහපත් ආත්මානුභාවය ඔබ ඔවුන්ට දුන් සේක. ඔවුන්ගේ ආහාරය වූ මන්නා ඔබ ඔවුන්ගෙන් අහක් කර නොගත් සේක. ඔවුන්ගේ පිපාසයේ දී ඔබ ඔවුන්ට වතුර දුන් සේක.


සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.


තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ.


ඔව්හු මෝසෙස්ට කතා කොට, “මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද?


එවිට සෙනඟ මෝසෙස්ට විරුද්ධ ව කොඳුරමින්, “අප බොන්නේ මොනවා දැ”යි ඇසූ හ.


‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින්


ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මේ පාළුකරයට ගෙනාවේ මන් ද? අපත් අපේ ගවමහිෂයනුත් මරාදමන්නට ද?