නික්මයාම 14:2 - Sinhala New Revised Version “ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘නුඹලා ආපසු හැරී බාල්-ශෙපොන් ඉදිරිපස පිහිටි මිග්දෝල් සහ මුහුදත් අතර, පී-හාහිරොත් නම් ස්ථානයට මූණ ලා කඳවුරු බඳින්න; මුහුදට කිට්ටු ව එය ඉදිරිපිට කඳවුරු බඳින්නැ’යි කියන්න. Sinhala New Revised Version 2018 “ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘නුඹලා ආපසු හැරී බාල්-ශෙපොන් ඉදිරිපස පිහිටි මිග්දෝල් සහ මුහුදත් අතර, පී-හාහිරොත් නම් ස්ථානයට මූණ ලා කඳවුරු බඳින්න; මුහුදට කිට්ටු ව එය ඉදිරිපිට කඳවුරු බඳින්නැ’යි කියන්න. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකොට–හැරී මිග්දෝල් සහ මුහුද අතරෙහි බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පී-හහීරොත් ඉදිරිපිට කූඩාරම් ගහගන්ට ඔවුන්ට කියන්න. එය ඉදිරිපිට මුහුද ළඟ කූඩාරම් ගහගන්න. |
‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත.
මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ.
මිසර දේශයේ මිග්දොල්හි ද තාපන්හේස්හි ද නොප්හි ද පත්‍රෝස්හි ද වාසය කළ සියලු ජුදෙව්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.
“මිසරයෙහි ආරංචි කරමින් ද මිග්දොල්හි ප්‍රකාශ කරමින් ද නොප්හි හා තාපන්හේස්හි ප්‍රසිද්ධ කරමින් ද මෙසේ කියන්න, ‘නුඹලා ආරක්ෂා වන පිණිස සූදානම් වන්න; මන්ද, නුඹලාට ඇති සියලු දේ යුද්ධයෙන් විනාශ වී යන්නේ ය.’
බලන්න, මම නුඹටත්, නුඹේ නයිල් ගඟටත් විරුද්ධ වෙමි. මම මිග්දොල් පටන් සෙව්නේ කොටුව දක්වාත්, එතියෝපියාවේ දේශ සීමාව දක්වාත්, මිසර දේශය මුළුමනින් ම පාළු කරන්නෙමි.
මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට නුඹලා රතු මුහුද දක්වා ආවහු ය. මිසරවරු රථ සහ අසරුවන් ඇති ව නුඹලාගේ පියවරුන් ලුහුබැඳ රතු මුහුද දක්වා ගියහ.