එවිට ඒ ස්ත්‍රිය නගරයට ගොස් ඥානවන්ත ලෙස සෙනඟට කතා කළා ය. සෙනඟ ද බික්‍රිගේ පුත් ෂෙබාගේ හිස ගසා ජෝවාබ් වෙත විසි කළෝ ය. ජෝවාබ් හොරණෑව පිම්ඹේ ය. එවිට ඔව්හු නගරයෙන් පිට වී තම තමන්ගේ කූඩාරම්වලට ගියහ. ජෝවාබ් ද ජෙරුසලමෙහි රජු වෙත හැරී ආවේ ය.
දේශනාකාරයා 9:13 - Sinhala New Revised Version මිහි පිට මෙවැනි ප්‍රඥාවක් ද දිටිමි. එය වැදගත් බව මට පෙනිණි. Sinhala New Revised Version 2018 මිහි පිට මෙවැනි ප්‍රඥාවක් ද දිටිමි. එය වැදගත් බව මට පෙනිණි. Sinhala Revised Old Version ඉර යට මෙයාකාර ප්‍රඥාවක් දුටිමි, එය මට මහත්ව පෙනුණේය. |
එවිට ඒ ස්ත්‍රිය නගරයට ගොස් ඥානවන්ත ලෙස සෙනඟට කතා කළා ය. සෙනඟ ද බික්‍රිගේ පුත් ෂෙබාගේ හිස ගසා ජෝවාබ් වෙත විසි කළෝ ය. ජෝවාබ් හොරණෑව පිම්ඹේ ය. එවිට ඔව්හු නගරයෙන් පිට වී තම තමන්ගේ කූඩාරම්වලට ගියහ. ජෝවාබ් ද ජෙරුසලමෙහි රජු වෙත හැරී ආවේ ය.
නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ.
ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි.
මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.
තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.
මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සිටි කුඩා නුවරක් විය; බලවත් රජෙක් අවුත් එය වටලා, ඊට විරුද්ධ ව මහ බලකොටු ගොඩනැඟුවේ ය.
බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත් ව ගිය අරියොක් නම් රජුගේ වධකයාගේ ප්‍රධානියාට දානියෙල් ස්ථානෝචිත සිහි නුවණින් කතා කර,