ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය.
දේශනාකාරයා 7:15 - Sinhala New Revised Version නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ. Sinhala New Revised Version 2018 නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ. Sinhala Revised Old Version මාගේ නිෂ්ඵලකමේ දවස්වලදී මේ සියල්ල දුටිමි. සමහරවිට ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙහි නැතිවන්නේය, දුෂ්ටයෙක්ද තමාගේ දුෂ්ටකමෙහි බොහෝ කල් ජීවත්වන්නේය. |
ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය.
තක්කඩියන් දෙදෙනෙක් පැමිණ ඔහු ඉදිරියෙහි වාඩි වී, “නාබොත් දෙවියන් වහන්සේටත්, රජුටත් සාප කෙළේ ය”යි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධ ව චෝදනා කළෝ ය. එවිට ඔව්හු ඔහු නගරයෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මරා,
හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.
ජීවිතය මුළුල්ලේ ම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනාව පමණ ය. රාත්‍රියේ දී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙය ද නිෂ්ඵල දෙයකි.
මේ මිනිස් ලොවෙහි යුක්තිය තිබිය යුතු තැන අයුක්තිය ද සාධාරණකම තිබිය යුතු තැන අසාධාරණකම ද තිබෙන බව මම දිටිමි.
මනුෂ්‍යයාගේ ජීවිතයේ එනම්, සෙවණැල්ලක් මෙන් ඔහු ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිත කාලයේ පරම සම්පත කිමෙක් දැ යි දන්නේ කවරෙක් ද? නොහොත් මිහි පිට වසන මනුෂ්‍යයෙකුට මරණින් පසු කුමක් ඇද්දැ යි දන්නෝ කවුරු ද?
උන් වහන්සේ මිහි පිට ඔබට දී තිබෙන ඔබේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල ඔබ ප්‍රේම කරන ඔබේ භාර්යාව සමඟ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න. මන්ද, ජීවිතයෙන් ද මිහි පිට ඔබ ගන්න වෙහෙසෙන් ද ඔබට ලැබෙන එක ම කොටස එය වේ.
ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති; පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති. සිය වසක් ජීවත් වන්නා ‘තරුණයෙකැ’යි ගණන් ගනු ලැබේ. ඒ වයසට පෙර නැසී යන්නා ‘සාප ලද්දෙකැ’යි ගණන් ගනු ලැබේ.
ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය.
ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත.