දේශනාකාරයා 10:17 - Sinhala New Revised Version එම්බා දේශය, ඔබේ රජු වංශවත් උසස් කුලයක දරුවෙකු වන විට ද ඔබේ අධිපතීන් ගිජුකමින් නොකා සනීප ශක්තිය පිණිස නිසි වේලාවට පමණක් කෑම කන විට ද ඔබ වාසනාවන්ත ය! Sinhala New Revised Version 2018 එම්බා දේශය, ඔබේ රජු වංශවත් උසස් කුලයක දරුවෙකු වන විට ද ඔබේ අධිපතීන් ගිජුකමින් නොකා සනීප ශක්තිය පිණිස නිසි වේලාවට පමණක් කෑම කන විට ද ඔබ වාසනාවන්ත ය! Sinhala Revised Old Version එම්බා දේශය, නුඹේ රජ වංශවත් දරුවෙක් වන විටද, නුඹේ අධිපතීන් ගිජුකමට නොව ශක්තිය පිණිස නිසි වේලාවට කෑම කන විටද, නුඹ වාසනාවන්තය! |
ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගේ ම කෙනෙක් වන්නේ ය; ඔවුන්ගේ ආණ්ඩුකාරයා ද ඔවුන් අතරෙන් ම නැඟී එන්නේ ය. මා වෙත එන්නට මම ඔහුට අවසර දෙන්නෙමි. එවිට ඔහු මා වෙත ළඟා වන්නේ ය. කැඳවීමක් නැති ව ම මා වෙත පැමිණෙන්නට බිය නොවන්නේ කවරෙක් ද? මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
ඉන්පසු ඒ මුදල වැය කොට ඔබ කැමැති පරිදි ඕනෑ ම දෙයක් එනම්, ගවයන් හෝ බැටළුවන් හෝ මිදියුස හෝ මත්පැන් හෝ ඔබ කැමැති දෙයක් ගෙන දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ ගෙවැසියන් ද ඒවා අනුභව කර ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.