දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.
දේශනාකාරයා 10:11 - Sinhala New Revised Version මතුරන්න පළමුවෙන් සර්පයා දෂ්ට කළොත් මතුරන්නාගෙන් පලක් නැත. Sinhala New Revised Version 2018 මතුරන්න පළමුවෙන් සර්පයා දෂ්ට කළොත් මතුරන්නාගෙන් පලක් නැත. Sinhala Revised Old Version මතුරන්ට පළමුවෙන් සර්පයා දෂ්ටකළොත් මතුරන්නාගෙන් ප්‍රයෝජන නැත. |
දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.
පොරොව මොට්ට වූ විට එය මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදවන්න ඕනෑ වෙයි. ප්‍රඥාවන්තයාට සඵලය ළඟා වෙයි.
සමිඳාණන් වහන්සේ කතා කොට, “මෙන්න, මම කිසි මන්ත්‍රයකට වශී නොවන සර්පයන් ද පොළඟුන් ද නුඹලා අතරට එවන්නෙමි, උන් නුඹලාට දෂ්ට කරනු ඇතැ”යි වදාළ සේක.
දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි.
එහෙත් දිව දමනය කිරීම කිසිවෙකුට නුපුළුවන. එය හික්මවිය නොහැකි විෂඝෝර නපුරු ඉන්ද්‍රියයකි.