ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 7:19 - Sinhala New Revised Version

ඊළඟට සතර වන මෘගයා ගැන තතු දැනගන්නට මම කැමැති වීමි. ඒ මෘගයා නම්, සෙසු සියලු මෘගයන්ට වඩා වෙනස් වූ, ඉතාමත් භයානක වූ, යකඩ දත් සහ ලෝකඩ නිය ඇති, ගොදුර පොඩිකර කාදමා ඉතිරි දේ පයින් පාගාදැමූ මෘගයා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකල අනික් සියලු මෘගයන්ට වෙනස්වූ, ඉතාමත් භයානකවූ, යකඩ දත් සහ පිත්තල නියපොතු ඇත්තාවූ, කාදමා පොඩිකර ඉතිරි ඒවා පයින් පෑගුවාවූ සතරවෙනි මෘගයා ගැනද,

පරිච්ඡේදය බලන්න



දානියෙල් 7:19
4 හුවමාරු යොමු  

එපමණක් නොව, මෘගයාගේ හිසේ තිබුණු අං දසය ගැන ද සියල්ලට වඩා මහත් ලෙස පෙනුණ අඟ, එනම්, හටගත් පසු අං තුනක් හෙළාදැමූ, ඇස් සහ උඩඟු ලෙස කතා කරන කටක් ඇති අඟ ගැන ද දැනගන්නට කැමැති වීමි.


මාගේ රාත්‍රි දර්ශනවලින් මා දුටු සතර වන මෘගයා භයානක, රෞද්‍ර, ඉතා ශක්තිමත් එකෙකි. ඌට විශාල යකඩ දත් තිබුණේ ය. ඌ ගොදුර පොඩි කර කා ගිලදැම්මේ ය; ඉතිරි දේ උගේ පාදවලින් පෑගුවේ ය. කලින් කී මෘගයන්ට වඩා ඌ වෙනස් ය. ඌට අං දසයක් තිබුණේ ය.


ඒ අං දෙස මා බලා සිටිය දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේ ය. එයට ඉඩ දෙන පිණිස පළමු වන අං තුනක් උදුරාදමනු ලැබී ය. මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස් ද පුරසාරම් දොඩන කටක් ද තිබුණේ ය.