ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.
දානියෙල් 7:17 - Sinhala New Revised Version “දැවැන්ත මෘගයන් සතරදෙනා නම්, රජවරු සතරදෙනෙකි. ඔව්හු පොළොවෙන් නැඟී එන්නාහ. Sinhala Revised Old Version ඒ මහා මෘගයන් සතරදෙනා නම් රජවරු සතර දෙනෙක්ය, ඔව්හු පොළොවෙන් නැගිට එන්නෝය. |
ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.
මම එහි සිටි අයගෙන් එක් කෙනෙකු ළඟට එළඹ ඒ සියල්ලේ තේරුම මට කියන ලෙස ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු කතා කොට, ඒ සියල්ලේ තේරුම මෙසේ පහදා දුන්නේ ය:
එසේ වුව ද, මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයෝ රාජ්‍යය ලැබ සදාකාලයෙන් සදාකාලයට එය භුක්ති විඳින්නෝ ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක.
එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි.
එවිට තවත් මෘගයෙකු පොළොවෙන් නැඟී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබිණි. ඌ මකරෙකු මෙන් කතා කෙළේ ය.