තවද, තුන් වන දින, පාරාවෝගේ ජන්මෝත්සවය වූයෙන්, ඔහු සියලු නිලධාරීන් සඳහා මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. ඔහු නිලධාරීන් ඉදිරියෙහි කුසලාන පිරිස්නමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා සිරගෙයින් පිට කර,
දානියෙල් 5:1 - Sinhala New Revised Version බෙල්ෂෙසර් රජු සිය උත්තමයන් දහසකට මහා මංගල උත්සවයක් පිළියෙළ කර ඔවුන් සමඟ මත්පැන් බීවේ ය. Sinhala Revised Old Version බේල්ෂශර් රජ තමාගේ උත්තමයන් දහසකට මහත් මංගල්‍යයක් පිළියෙළකොට, ඒ දහස ඉදිරියෙහි මුද්‍රිකපානය බීවේය. |
තවද, තුන් වන දින, පාරාවෝගේ ජන්මෝත්සවය වූයෙන්, ඔහු සියලු නිලධාරීන් සඳහා මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. ඔහු නිලධාරීන් ඉදිරියෙහි කුසලාන පිරිස්නමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා සිරගෙයින් පිට කර,
පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්‍රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ.
ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.
සව් බලැති දෙවි සමිඳාණෝ මට කතා කොට, “ජීවිතාන්තය දක්වා නුඹේ මේ අපරාධ කමා නොකරන බව සව් බලැති දෙවි සමිඳාණන් වන මම නුඹලාට කියමි”යි වදාළ සේක.
“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: කඩුව බබිලෝනියේ වැසියන් ද ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද පිට පැමිණෙන්නේ ය.
ඔවුන් කෑදර වූ විට මම ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කර දී, වෙරි මත් වන තෙක් බොන්නට දී ඔවුන් ක්ලාන්ත වූ විට, නොපිබිදෙන හැටියට ඔවුන් සදා නින්දට පත් කරවන්නෙමි.
මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද ඇගේ ආණ්ඩුකාරයන් ද ඇගේ සේනාධිපතීන් ද ඇගේ හේවායන් ද මත් කරන්නෙමි. ඔව්හු ද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝ ය. මෙසේ පවසන්නේ සව් බලැති සමිඳුන් වන රජාණන් වහන්සේ ය.
උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.