ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධ ව ඇවිළී ගියොත්, ඔබේ රක්ෂාවෙන් ඉවත් වී නොයන්න; මන්ද, සන්සුන්කමින් බරපතල වරදකට වුව ද සමාව ලැබිය හැකි ය,
දානියෙල් 2:7 - Sinhala New Revised Version ඔව්හු දෙ වන වර උත්තර දෙමින්, “රජතුමා තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කුමක් දැ යි කියාවා; එවිට අපි එහි තේරුම දන්වන්නෙමු”යි කී හ. Sinhala Revised Old Version ඔව්හු දෙවෙනි වර උත්තරදෙමින්: රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කියත්වා, එවිට අපි අර්ථය පෙන්වන්නෙමුයයි කීවෝය. |
ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධ ව ඇවිළී ගියොත්, ඔබේ රක්ෂාවෙන් ඉවත් වී නොයන්න; මන්ද, සන්සුන්කමින් බරපතල වරදකට වුව ද සමාව ලැබිය හැකි ය,
එවිට කල්දිවරු අරමීය භාෂාවෙන් කතා කරමින්, “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! ඔබේ මෙහෙකරුවන් වන අපට ඔබ දුටු ස්වප්නය කුමක් දැ යි කිව මැනව, එවිට එහි තේරුම අපි පහදා දෙන්නෙමු”යි කී හ.
රජතුමා පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය ඔබට ප්‍රකාශ කර තිබෙන බැවින්, ඔබ කල් ගන්න හදන බව මට හොඳට ම පැහැදිලි යි.
ඔබ මා දුටු ස්වප්නය කුමක් දැ යි නොකීවොත්, ඔබට ඇත්තේ එක ම එක ඉරණම යයි නැවත මතක් කරමි. ඔබ මට අමූලික බොරු කියා මෙය කල් දමන්න එකඟ වී ඇති බව මට පෙනේ. එබැවින් ස්වප්නය කුමක් දැ යි මට කියන්න. එවිට එහි තේරුම පහදා දෙන්න ඔබට පුළුවන් දැ යි මට දැනගත හැකි ය”යි කී ය.
එවිට මන්ත්‍රකාරයෝ ද අනවිනකාරයෝ ද දෛවඥයෝ ද පේන කියන්නෝ ද මා වෙත ආවෝ ය. මම ඔවුන් ඉදිරියේ මා දුටු ස්වප්නය කීවෙමි. එහෙත්, ඔවුන්ට එහි තේරුම මට කියා දෙන්නට නොහැකි විය.