ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 2:13 - Sinhala New Revised Version

ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝගයක් ද නිකුත් කරන ලදී. ඒ නියමයේ පරිදි ඔව්හු දානියෙල් සහ ඔහුගේ සහායකයන් ද මරන්නට සෙවුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝග නිකුත්විය; එහෙයින් ඔව්හු දානියෙල් සහ ඔහුගේ සමාගම්කාරයන් මරන්ට සෙවුවෝය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 2:13
8 හුවමාරු යොමු  

යුක්තිය අයුක්තිය කරවන විනිසකරුවන් සමඟ ඔබේ සබැඳියාවක් නැත. ඔව්හු අයුතු නීතියෙන් නපුරට මඟ පාදන්නෝ ය.


මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත!


එවිට දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැසීමට රජතුමා පත් කළ අරියොක් වෙත ගොස්, “බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් විනාශ නොකරන්න; රජ්ජුරුවන් ඉදිරියට මා පමුණුවන්න; ස්වප්නයේ තේරුම මම රජතුමාට පෙන්වන්නෙමි”යි කී ය.


උන් වහන්සේ ඔහුට දුන් මහන්තත්ත්වය නිසා සියලු ජනයෝ ද ජාතීහු ද භාෂාවෝ ද ඔහු ඉදිරියේ වෙවුලා බිය වූවෝ ය. ඔහු කැමැති කෙනෙකු මැරී ය; කැමැති කෙනෙකු ඉතුරු කෙළේ ය. ඔහු කැමැති කෙනෙකු උසස් කෙළේ ය. කැමැති කෙනෙකු පහත් කෙළේ ය.