මම මිසරවරුන්ගේ වහල්කම පහකර ඔවුන්ගේ ජන්ම දේශය වන පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. ඔවුන් එහි දුර්වල රාජ්‍යයක් ව සිටිනු ඇත.
දානියෙල් 11:42 - Sinhala New Revised Version ඔහු රටවලට පහර දෙන්නේ ය. මිසරය ද ඔහුගෙන් බේරෙන්නේ නැත. Sinhala Revised Old Version ඔහු තමාගේ අත් රටවල් කෙරෙහි දිගුකරන්නේය. මිසර දේශයද නොගැළවෙන්නේය. |
මම මිසරවරුන්ගේ වහල්කම පහකර ඔවුන්ගේ ජන්ම දේශය වන පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. ඔවුන් එහි දුර්වල රාජ්‍යයක් ව සිටිනු ඇත.
පලස්තීන දේශයටත් ඔහු කඩා වදින්නේ ය. රටවල් බොහොමයක් වැටෙන්නේ ය. එහෙත්, ඒදොම්, මෝවබ් හා අම්මොන්වරුන්ගේ ප්‍රධාන කොටස් ඔහුගේ අතින් බේරෙන්නේ ය.
මිසරයේ නිදන් කොට ඇති රන් රිදී හා සකල අනර්ඝ දේ ඔහු සිය බලයට පවරාගන්නේ ය. ලිබියන්වරු ද එතියෝපියන්වරු ද ඔහුට බැඳෙන්නෝ ය.
යම් දේශයක සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේට රජාණන් වශයෙන් නමස්කාර කරන්න ජෙරුසලමට නොයන්නෝ නම්, ඒ දේශය පිට වැසි නොවසින්නේ ය.
ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය.