ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 11:29 - Sinhala New Revised Version

“නියමිත කාලයේ දී ඔහු නැවත මිසරයට විරුද්ධ ව සටනට යන්නේ ය. එහෙත්, මේ ගමන පළමු ගමන මෙන් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නියම කාලයේදී ඔහු නැවත දකුණු දිශාවට එන්නේය; නුමුත් අන්තිම ගමන පළමුවෙනි ගමන මෙන් නොවන්නේය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 11:29
9 හුවමාරු යොමු  

පිලිස්ති ජනයෙනි, උදව් උපකාර ඉල්ලා කෑමොර ගසන්න; භීතියෙන් ඇලළී යන්න. උතුරෙන් දූවිලි වලාකුළක් මෙන් හමුදාවක් පැමිණෙන්නේ ය. එය වනාහි බිය සුලු ව ආ අය කිසිවෙකු නැති යුද හමුදාවකි.


පර්සියා රජු වූ සයිරස්ගේ තුන් වන අවුරුද්දේ දී බෙල්ටෙෂෙසර් නම් දානියෙල්ට දර්ශනයක් එළිදරව් කරන ලදී. එය සත්‍ය වූ දර්ශනයකි. එය මහා යුද්ධයක් පිළිබඳ ව ය. ඔහු එහි අර්ථය ගැන මෙනෙහි කර දර්ශනය තේරුම්ගත්තේ ය.


ඔහු වංචනික ගිවිසුම් කරගෙන, ඔහුට පක්ෂ ව ස්වල්ප දෙනෙකු සිටියත්, බලයට පත්වන්නේ ය.


“ඔහු ධෛර්යයත්, බලයත් උපදවාගෙන මිසරයේ රජුට විරුද්ධ ව මහා සේනාවක් ගෙන යන්නේ ය. මිසරයේ රජ ද අති විශාල බලසම්පන්න සේනාවක් සමඟ යුද්ධයට එළඹෙන්නේ ය. එහෙත්, ද්‍රෝ‍්හීන් විසින් ඔහුට විරුද්ධ ව යොදනු ලබන උපායයන් නිසා ඔහුගේ සටන සාර්ථක නොවන්නේ ය.


එවිට සිරියාවේ රජ බොහෝ වස්තු ඇති ව සිය දේශයට ආපසු එන්නේ ය. ඔහු එසේ කරන්නේ, ශුද්ධ ගිවිසුමට විරුද්ධ ව සිතේ බලවත් කෝපයෙන් තමා කැමැති දේ කරමින් ය.


මන්ද, ඔහුට විරුද්ධ ව රෝමවරු නැව්වලින් එන්නෝ ය. ඔහු බිය වී පසුබසින්නේ ය. ඔහු කලකිරී, කෝප වී, ශුද්ධ ගිවිසුමට විරුද්ධ ව තමා කැමැති දේ කර ශුද්ධ ගිවිසුම අත් හළ අයට සැලකිලි දක්වන්නේ ය.


“දේව උදහස අවසානයේ දී සිදුවන්නට යන දේ නුඹට දන්වමි. මන්ද, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට ය.


උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.


පියා නියම කළ වයසට පැමිණෙන තුරු උරුමක්කාරයා භාරකාරයන් හා වගකිව යුතු අය යටතෙහි සිටියි.