ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 10:12 - Sinhala New Revised Version

“ඔහු මට කතා කොට, මෙසේ කී ය: ‘දානියෙල්, බිය නොවන්න. නුඹ කරුණු තේරුම්ගැනීමට සැදී පැහැදී සිටින්නෙහි ය. නුඹේ දෙවියන් වහන්සේට නුඹ යටහත් වූ පළමු වන දා පටන් නුඹේ වචන අසනු ලැබී ය. මා පැමිණියේ නුඹේ වචන නිසා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 10:12
26 හුවමාරු යොමු  

එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය.


බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”


බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.


සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය.


එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,


ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි; ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.


“ඔහු මට කතා කොට, ‘විශේෂයෙන් තෝරාගනු ලැබූ මනුෂ්‍යයෙකු වන දානියෙල්, මා නුඹට කියන්නට යන වචනවලට සවන් දී, නැඟිට කෙළින් සිටින්න. මන්ද, නුඹ වෙත මම එවන ලද්දෙමි’යි කී ය. ඔහු ඒ වචන මට කී විට මම වෙවුලමින් සිටගත්තෙමි.


ඔහු මට කතා කර, “විශේෂයෙන් තෝරාගනු ලැබූ මනුෂ්‍යය, බිය නොවන්න; නුඹට සාමදානය වේවා; ශක්තිමත් වන්න, ධෛර්යවත් වන්නැ”යි කී ය. ඔහු කතා කළ විට, මම ශක්තිමත් වී, “ස්වාමීනි කතා කළ මැනව; ඔබ මා ශක්තිමත් කෙළෙහි ය”යි කීමි.


“පහත දක්වන නියෝගය නුඹලා කෙරෙහි සදහට ම වලංගු වේ: එනම්, හත් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ජනයා වන නුඹලා ද නුඹලා අතර වසන විදේශීන් ද උපවාසයෙහි යෙදෙමින්, බර වැඩ කිරීමෙන් වැළකිය යුතු ය.


එදින නුඹලාට මහා සබත් දිනයක් වනු ඇත. එදින නුඹලා වැඩ නොකළ යුතු ය. නුඹලා උපවාස කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි.


“හත් වන මාසයේ දහ වන දින නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින උපවාස කර, කිසි වැඩක් නොකළ යුතු ය.


එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මාගේ සහෝදරයන් වෙතට ගොස්, ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න; එහි දී ඔවුන් මා දකිනු ඇතැ”යි වදාළ සේක.


දේව දූතයා ඒ ස්ත්‍රීන්ට කතා කරමින්, “බිය නොවන්න, ඔබ කුරුසියෙහි ඇණ ගැසූ ජේසුස් වහන්සේ සොයන බව දනිමි;


ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය;


දේව දූතයා ඔහුට කතා කොට, “සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න.


දේව දූතයා ඈට කතා කොට, “මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය.


එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මෙ‍න්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි.


උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ කැළඹී සිටින්නේ මන් ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන් ද?


‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.


උන් වහන්සේ දුටු කල, මම මළ තැනැත්තෙකු මෙන් උන් වහන්සේ පාමුල වැටුණෙමි. උන් වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළ සේක: “බිය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයා ය,