ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 9:22 - Sinhala New Revised Version

“තවද, ඔබ තාබෙරා, මස්සා සහ කිබ්‍රොත්-හත්තාවා යන ස්ථානවල දී සමිඳාණන් වහන්සේ කුපිත කළහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“තවද, ඔබ තාබෙරා, මස්සා සහ කිබ්‍රොත්-හත්තාවා යන ස්ථානවල දී සමිඳාණන් වහන්සේ කුපිත කළහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද තාබෙරාහිදීත් මස්සාහිදීත් කිබ්‍රොත්-හත්තාවාහිදීත් නුඹලා ස්වාමීන්වහන්සේ උදහස් කළහුය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 9:22
7 හුවමාරු යොමු  

එහෙත්, ඔව්හු පෙරටත් වඩා එතුමන්ට විරුද්ධ ව නිතර පව් කළෝ ය. වියළි පාළුකරයේ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.


එවිට ඔව්හු මෝසෙස්ට අවලාද කියමින්, “අපට බොන්න වතුර දෙන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ මට අවලාද කියන්නේ ඇයි? ඔබ කුමක් නිසා සමිඳාණන් වහන්සේ පරීක්ෂා කරන්නහු දැ”යි ඇසී ය.


ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.


තවද, එහි දී කෑදරකම් කළ සෙනඟ වළලන ලද බැවින්, එම ස්ථානයට කෑදරකමේ මිනීවළවල් යන අරුත ඇති කිබ්රොත්-හත්තාවා යන නම තැබී ය.


මෝසෙස් ආරොන්ට කතා කොට, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, කඩිනමින් සෙනඟ අතරට ගොස්, ඔවුන් උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරන්න. සමිඳාණන් වහන්සේ රොස් වී සිටින සේක. වසංගතයක් බෝවේගෙන එන්නේ ය”යි පැවසී ය.


ලෙවීගේ පෙළපත ගැන මෙසේ කී ය: “මස්සා, නම් ස්ථානයේ දී ඔබ පරීක්ෂා කළ, මෙරිබාහි උල්පත් ළඟ ඔබ සමඟ විවාද කළ සැදැහැවතුන්ට, ඌරිම් සහ තුම්මීම් දානය කළ මැනව.