ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පණත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න.
ද්විතීය නීතිය 4:45 - Sinhala New Revised Version ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ආ පසු මෝසෙස් දුන් ශික්ෂා පද ද, නීති හා නියෝග ද, අණපණත් ද මේවා ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ආ පසු මෝසෙස් දුන් ශික්ෂා පද ද, නීති හා නියෝග ද, අණපනත් ද මේවා ය. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආ කල මෝසෙස් යොර්දානෙන් එගොඩදී හෙෂ්බොන්හි වාසයකළාවූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ දේශයෙහි බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේදී ඔවුන්ට කියාදුන් ශික්ෂාද පනත්ද විනිශ්චයවල්ද මේවාය. |
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පණත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න.
ඔවුන්ගේ නින්දාවත්, අවමානයත් මා කෙරෙන් පහ කළ මැනව. මන්ද, මම ඔබේ ශික්ෂා පද රක්ෂා කෙළෙමි.
මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.
මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා එකල සිටියේ ඔවුන් හශේබොන්හි පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ගේ දේශයේ, බෙත්-පෙයොර් නම් ස්ථානය ඉදිරිපිට වූ මිටියාවතෙහි, ජොර්දාන් ගඟෙන් මෙගොඩ ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ අණපණත් ද ශික්ෂා පද ද නීති හා නියෝග ද උනන්දුවෙන් පිළිපැදිය යුතු ය.
“මතු කාලයක දී ඔබේ පුතු ඔබ අමතමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ශික්ෂා පදවල ද නීති හා නියෝගවල ද තේරුම කුමක් දැ’යි ඇසුවොත්,